Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

රසායනික බන්ධන

ඉංග්‍රීසි හෝඩියේ අඩංගු වන්නේ අක්ෂර 26 කි. එහෙත් එම අක්ෂර සංයෝජනයෙන් වචන විශාල සංඛ්‍යාවක් සෑදෙයි. මූලද්‍රව්‍ය ඇත්තේ ද සීමිත සංඛ්‍යාවකි. එහෙත් එම මූලද්‍රව්‍ය රසායනික ව සංයෝජනයෙන් සංයෝග මිලියන ගණනක් සෑදෙයි. මූලද්‍රව්‍ය බොහොමයක් රසායනික සංයෝග සෑදුව ද, සාමාන්‍ය තත්ත්ව යටතේ සංයා්ග සෑදීමට සහභාගී නොවන මූලද්‍රව්‍ය ද ඇත. හීලියම්, නියොන්, ආගන් ඒ සඳහා උදාහරණ වේ.

ස්වභාවයෙන් තනි පරමාණු වශයෙන් පවතින මේ මූලද්‍රව්‍ය වායු වශයෙන් පවතී. ඒවා උච්ච වායු ලෙස හැඳින්වේ. බොහෝ මූලද්‍රව්‍ය සංයෝග සැදීමටත්, උච්ච වායු සංයෝග නොසෑදීමටත් හේතුව කුමක්ද? මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස සලකා බැලීමෙන් එය පැහැදිලි කළ හැකි ය

This image has an empty alt attribute; its file name is Screenshot-2022-03-19-at-19.43.28-1024x821.png

මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින බාහිරතම කවචය සංයුජතා කවචය ලෙස හැඳින්වේ.

නියොන් හා ආගන් පරමාණුවල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අටක් බැගින් තිබේ. මෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ස්ථායි වින්‍යාසයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම ස්ථායි වින්‍යාසය නිසා මේවායේ ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩු ය. එබැවින් මෙම මූලද්‍රව්‍ය උච්ච වායු ලෙස හැඳින්වේ. එහෙත් සෝඩියම් හා ක්ලෝරීන් පරමාණු සැලකූ විට එම තත්ත්වය වෙනස් ය. සෝඩියම් පරමාණුවට ස්ථායි උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබාගැනීමට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය ඉවත් කිරීමට හෝ ඉලෙක්ට්‍රෝන හතක් ලබාගැනීමට හෝ සිදු වේ. එසේ ම ක්ලෝරීන් පරමාණුවට ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබාගැනීමට ඉලෙක්ට්‍රෝන එකක් ලබාගැනීම හෝ ඉලෙක්ට්‍රෝන හතක් පිටකිරීම සිදු කළ යුතු ය. ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීම උදෙසා මෙම මූලද්‍රව්‍ය පරමාණුවල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය වීම සිදු වේ. ප්‍රතිසංවිධානය උදෙසා ඉලෙක්ට්‍රෝන ලබාගැනීම හෝ පිටකිරීම හෝ හවුලේ තබා ගැනීම හෝ සිදු වේ.

මෙලෙස මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම උදෙසා සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගැනීමෙන් පරමාණු අතර හෝ අයන අතර හෝ ඇති වන ආකර්ෂණ බල හෙවත් බැදීම් රසායනික බන්ධන ලෙස හැඳින්වේ.

රසායනික බන්ධන සැදීමේ දී ඊට සහභාගි වන පරමාණු හැසිරෙන ආකාරය අනුව රසායනික බන්ධන වර්ග දෙකකට බෙදිය හැකි ය.

  1. අයනික බන්ධන (ionic bonds)
  2. සහසංයුජ බන්ධන (covalent bonds)
Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *