Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය

බල යෙදූ විට ද්‍රව සම්පීඩනයට භාජන නොවේ. එබැවින් ද්‍රවයක එක් තැනකට යොදන පිඩනය ද්‍රවයේ තවත් තැනකට සම්ප්‍රේෂණය කළ හැකි ය. මෙම සංසිද්ධිය පදනම් කරගෙන සකස් කරගෙන ඇති යන්ත්‍ර, ද්‍රාව පීඩක යන්ත්‍ර නම් වේ. ද්‍රාව පීඩක යන්ත්‍රයක මූලධර්මය 15.6 රූපයේ පෙන්වා ඇත.

මෙම පීඩනය තරලය මගින් ඊ පිස්ටනය වෙත සම්ප්‍රේෂණය වේ. එවිට ඊ පිස්ටනය අසල ද්‍රව පීඩනය ද 2 භ ජප-2 වේ. එනම්, ඊ පිස්ටනයේ සෑම 1 ජප2 වෙත ම 2 භ බලයක් තරලය මගින් උඩු අතට යෙදෙයි. ඒ නිසා එහි වර්ගඵලය වන 200 ජප2 වෙත යෙදෙන මුළු බලය 400 භ :2 ඥා 200* වේ. කුඩා පිස්ටනය මත යොදන 20 භ බලයකින් විශාල පිස්ටනය වෙත 400 භ බලයක් සම්ප්‍රේෂණය කළ හැකි වන්නේ ද්‍රවය තුළින් පීඩනය සම්ප්‍රේෂණය වීම නිසා ය (මෙවැනි ද්‍රාව පීඩකවල පිස්ටන මත යෙදෙන බල ඒවා තුළ ඇති ද්‍රව කඳේ බර නිසා යෙදෙන බලයට වඩා ඉතා විශාල නිසා ද්‍රව කඳෙන් ඇති වන පීඩනය ගණනයන් සඳහා සලකනු නොලැබේ).

15.7 රූපයේ පෙන්වා ඇති, මෝටර් රථ නඩත්තු කරන ස්ථාන හා සේවා ස්ථානවල රථ වාහන එසැවීමට යොදා ගන්නා ඔසවන :යදසිඑ* ද පීඩන සම්ප්‍රේෂණය භාවිතයට ගෙන සෑදූ උපකරණයක් වේ.

මෙහි කුඩා පිස්ටනයට යොදන විශාලත්වයෙන් අඩු බලයෙන් තෙල් මත හටගන්නා පීඩනය, තෙල් මගින් විශාල පිස්ටනය වෙත සම්ප්‍රේෂණය කරන අතර එමඟින් විශාල පිස්ටනය මත රථයේ බරට සමාන බලයක් සම්ප්‍රේෂණය කෙරෙන අන්දමට එය සකසා ඇත. එමගින් රථය ඉහළට එසැවේ. රෝද ගැලවීමට අවශ්‍ය වන අවස්ථාවල රථයක පැත්තක් ඔසවා ගැනීමට යොදා ගන්නේ ජැක්කුව ය. ජැක්කු වර්ග අතුරින් බහුල ව භාවිත කරනුයේ ද්‍රාව පීඩන ජැක්කුවයි (hydraulic jack). මෙවැනි ජැක්කුවක් 15.8 රූපයේ පෙන්වා ඇත. මෙහි දී ක්‍රියාත්මක වන්නේ ද තරල තුළින් පීඩන සම්ප්‍රේෂණය සිදුකරලීම යි.

අප එහි ද බල යොදන්නේ කුඩා පිස්ටනයකට යි. එම බලය නිසා හටගන්නා පීඩනය ජැක්කුවේ තෙල් තුළින් විශාල පිස්ටනයට සම්ප්‍රේෂණය වීම නිසා විශාල පිස්ටනයෙන් රථයේ පැත්තක් එසැවීම සිදුවේ.

රථ වාහනවල තිරිංග පද්ධතිය ද්‍රව පීඩන සම්ප්‍රේෂණ මූලධර්මය යෙදෙන තවත් අවස්ථාවක් වේ. එහි මූලධර්මය 15.9 රූපයේ පෙන්වා ඇත.

මෙහි දී වාහනය පදවන්නා තම පාදයෙන් පදිකයට (pedal) බලයක් යොදන විට එම බලය, ප්‍රධාන සිලින්ඩරයෙහි(master cylinder) පිස්ටනය මතට යෙදේ. ඉන්පසු පිස්ටනය මගින් සිලින්ඩරය තුළ ඇති තෙල් මත පීඩනයක් ඇති කෙරේ. එම පීඩනය තෙල් මගින් රෝදය අසල ඇති දාස සිලින්ඩරය (slave cylinder) වෙතට සම්ප්‍රේෂණය කෙරේ. එවිට දාස සිලින්ඩරයේ පිස්ටනයට සම්බන්ධ කර ඇති රෝධක පලු තෙරපී රෝධක බෙරයට හෝ තැටියට පීඩනයක් ඇති කරයි. ප්‍රධාන සිලින්ඩරයේ හරස්කඩ වර්ගඵලයට වඩා දාස සිලින්ඩරයේ හරස්කඩ වර්ගඵලය වැඩි නිසා රියැදුරා විසින් පාදයෙන් යොදන බලයට වඩා වැඩි බලයක් දාස සිලින්ඩරය මගින් රෝධක පලු මත යෙදෙයි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *