Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ප්‍රෝටීන් (Proteins)

ප්‍රෝටීන් සියලු ම සජීවී සෛලවල අත්‍යවශ්‍ය සංඝටකයක් වේ. ප්‍රෝටීනවල සෑමවිට ම කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් (O) හා නයිට්‍රජන් (N) අඩංගු වේ. මීට අමතරව ඇතැම් විට සල්ෆර් (S) ද අඩංගු වේ.

පරිණත මිනිස් සිරුරේ සංයුතිය අනුව 17% ක් පමණ සෑදී ඇත්තේ ප්‍රෝටීනමය ද්‍රව්‍යවලිනි.ප්‍රෝටීන් යනු ඇමයිනො අම්ල නැමති වඩා සරල අණු බහු අවයවීකරණයෙන්තැ නුණු සංකීර්ණ අණුවකි. මස්, මාළු, බිත්තර සුදු මදය, මාශ භෝග ආදිය ප්‍රෝටීන් අඩංගු ආහාර සඳහා උදාහරණ වේ.

ප්‍රෝටීනවල වැදගත්කම

O ශක්ති ප්‍රභවයක් ලෙස
කාබොහයිඩ්රේට හා මේදවලින් සපයන ශක්තිය නොසෑහෙන විට ප්‍රෝටීන්ක්‍ රියාත්මක වීමෙන් ශක්තිය නිපදවේ.
O ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා
සෛල පටලය සෑදීම සඳහා ප්‍රධාන සංඝටකයක් ලෙස ප්‍රෝටීන් වැදගත් වේ. මීට අමතර ව සත්ත්ව දේහවල සම්බන්ධක පටකවල සංඝටකයක් ලෙස කොලැජන්ප්‍ රෝටීනය ඇත. කෙස් හා කුරුලු පිහාටු ආදියේ ඇත්තේ කෙරටින් නම් ප්‍රෝටීන් වර්ගයකි.
O එන්සයිම ලෙස ක්‍රියා කිරීම
ජීවීන් තුළ සිදු වන සියලු ම ජෛව රසායනික ප්‍රතික්‍රියා එන්සයිම මගින් උත්ප්‍රේරණය කරනු ලැබේ. මෙම එන්සයිම සෑදී ඇත්තේ ප්‍රෝටීනවලිනි.
O හෝර්මෝන ලෙස ක්‍රියා කිරීම
ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතිය සඳහා වැදගත් වන හෝර්මෝන, ප්‍රෝටීන් වේ. නිදසුන : සත්ත්වයින්ගේ ඉන්සියුලින් හෝර්මෝනය, වර්ධක හෝර්මෝනය.
O ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම
විවිධ රෝගකාරක ක්ෂුද්‍රජීවීන්ගෙන් ආරක්ෂාවීම සඳහා ශරීරය තුළ නිපදවෙන ප්‍රතිදේහ ද ප්‍රෝටීන් වේ.

■ එන්සයිම
ජීවීන් තුළ සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින් ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන් (කාබනික උත්ප්‍රේරක), එන්සයිම ලෙස හැදින්වේ.

නිදසුනක් ලෙස සුක්රෝස් ග්ලුකෝස් බවට පත්කිරීමට තනුක අම්ල සමග රත් කළ යුතු වේ. නමුත් ආහාර ජීරණ පද්ධතියේ අඩංගු එන්සයිම මගින් මෙම ප්‍රතික්‍රියාව අඩු උෂ්ණත්වයකදී ඉතා පහසුවෙන් සිදු වේ.

එබැවින් එන්සයිමවල කාර්යය වන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමයි. එසේ වන්නේ පිෂ්ටය මත ඇමයිලේස් ක්‍රියාකර මෝල්ටෝස් සාදන නිසාය. පිෂ්ටය අයඩින් සමග කළු නිල් වර්ණයක් ලබා දෙයි. විනාඩි 20 කට පසු මිශ්‍රණය අයඩින් ද්‍රාවණය සමග වර්ණ වෙනසක් නොදෙන්නේ එහි පිෂ්ටය නොමැති බැවිනි. එනම්පි ෂ්ටය මත ඇමයිලේස් ක්‍රියාකර එය වෙනත් සංයෝගයක් බවට පත්කර ඇත.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *