Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

බහිස්ස්‍රාවය (Excretion)

සියලු ම ජීවීහු පරිසරයෙන් ද්‍රව්‍ය ලබාගෙන ඒවා තමන්ට අවශ්‍ය, ප්‍රයෝජනවත් ශක්තිය බවට පත්කර ගනිති. ඒ සමග ම ප්‍රයෝජනයට නොගත් ද්‍රව්‍ය හා නිපදවෙන අපද්‍රව්‍ය යළි පරිසරයට බැහැර කරති. නැතහොත් එම ද්‍රව්‍ය ජීවීන්ගේ සිරුර තුළ එකතු වීමෙන් විෂ සහිත තත්ත්වයක් ඇති විය හැකි ය.

මෙම රසායනික හා කායික ක්‍රියාකාරකම් සියල්ල, නැතහොත් සෛල තුළ සිදුවන ගොඩනැගීම් හා බිඳ දැමීම් එකතුව, පරිවෘත්තිය ලෙස හඳුන්වන අතර පරිවෘත්තීය ක්‍රියා වලදී නිපදවෙන අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම බහිස්ස්‍රාවයයි.

සතුන්ගේ ප්‍රධාන ම බහිස්ස්‍රාවි ඵල වනුයේ යූරියා, ලවණ වර්ග, කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජලයයි. සත්ත්ව සිරුරු තුළ බහිස්ස්‍රාවය සඳහා සකස් වුණු ඉන්ද්‍රිය පද්ධති පිහිටා ඇත. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ස්‍රාවීය ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වකුගඩු මගිනි. ශාක ද වා සිදුරු සහ පත්‍රවල පූටිකා හරහා ශ්වසනයේදී කාබන්ඩයොක්සයිඩ් වායුව ද ප්‍රභාසංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව ද පිට කරයි. එය ද බහිස්ස්‍රාවීය ක්‍රියාවලියක් ලෙස සැලකේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *