Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ලෝහවල ප්‍රතික්‍රියතාව

● වාතය සමග ලෝහ දක්වන ප්‍රතික්‍රියා
යකඩ ලෝහයෙන් තැනූ යකඩ ඇණ, කටුකම්බි, කැපුම් උපකරණ වැනි භාණ්ඩ ඉක්මනින් මලින වනු අප දැක ඇත. එහෙත් රන් ලෝහයෙන් තැනූ ආභරණ කාලයක් ගතවුවද මලින නොවන බවද අප දැක ඇත. ඊට හේතු ඔබ විමසා බලා ඇත්ද? ලෝහ, වාතය, ජලය හා තනුක අම්ල සමඟ දක්වන ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනයෙන් ඔබට ඒ සඳහා පිළිතුරක් ලබාගත හැකි ය.

ලෝහ වාතය සමග දක්වන ප්‍රතික්‍රියා අධ්‍යයනය සඳහා 16.3 ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

● ලෝහ ජලය සමග දක්වන ප්‍රතික්‍රියා
ඇතැම් ලෝහ සිසිල් ජලය, උණු ජලය හා ජල වාෂ්ප සමග විවිධ ඝීඝ්‍රතාවලින් ප්‍රතික්‍රියා දක්වයි. මේ අනුව ලෝහ, ජලය සමග දක්වන ප්‍රතික්‍රියතාව එකිනෙකට වෙනස් බව පැහැදිලිය. එය තහවුරු කිරීම සඳහා 16.4 හා 16.5 ක්‍රියාකාරකම්වල යෙදෙමු.

සෝඩියම් (Na) කැබැල්ල “ෂූ” හඬ නගමින් ජලය මත වේගයෙන් එහා මෙහා පා වේ. සෝඩියම් (Na) කැබැල්ල ප්‍රමාණයෙන් කුඩා වන අතර එක තැන රැඳුන හොත් ගිනි ගනී. ද්‍රෝණිකාවේ ඇති රතු ලිට්මස් කැබැල්ල නිල් පැහැයට හැරේ. සෝඩියම් (Na) ජලය සමඟ වේගවත් ප්‍රතික්‍රියාවක් සිදු කරන අතර එහි දී හයිඩ්රජන් (H2) වායුව පිට වේ. රතු ලිට්මස් කැබැල්ල නිල් පැහැයට හැරීමෙන් පෙනෙන්නේ භාස්මික ද්‍රාවණයක් සැදී ඇති බවයි. මෙහිදී සිදුවන්නේ සෝඩියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවෙන් භාස්මික ද්‍රාවණයක් වන සෝඩියම් හයිඩ්රොක්සයිඩ් හා හයිඩ්රජන් සැදීමයි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *