වස්තුවක් මත යොදන ලද බලයක් යටතේ එම වස්තුවේ පිහිටීම වෙනස් වූයේ නම් හෝ හැඩයේ වෙනසක් සිදු වූයේ නම් එම බලය මගින් කාර්යයක් කළේ යැයි ඔබ මීට පෙර දී ඉගෙන ගෙන ඇත. කාර්යය (work) පිළිබඳ ව තව දුරටත් විමසා බලමු.
වස්තුවක් 18.1 රූපයේ පෙන්වා ඇති ආකාරයට තිරස් තලයක් මත තබා 1 N නියත බලයක් යොදා ගෙන බලයේ දිශාවට 1 m දුරක් චලනය කරන ලද්දේ නම් එවිට කෙරෙන ලද කාර්ය ප්‍රමාණය ජූලයක්, එනම් 1 න්J ලෙස හඳුන්වනු ලැබේ.