මී ළගට අපි එකිනෙකට ආනත බල දෙකක සම්ප්‍රයුක්තය පිහිටන ආකාරය සොයා බලමු.
වස්තුවක් මත එකිනෙකට ආනත ව ක්‍රියා කරන P හා Q බල දෙකක් 9.11 රූපයේ දක්වා ඇත. මෙලෙස යම් ආනත බල දෙකක් වස්තුවකට යෙදූ විට වස්තුව P බලයේ දිශාවට හෝ Q බලයේ දිශාවට හෝ චලනය නොවේ. එවැනි අවස්ථාවක වස්තුවක් චලනය වන දිශාව එම බල දෙක ක්‍රියා කරන දිශා අතරින් වූ දිශාවකට වේ.