Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ගුරුත්වජ ත්වරණය

වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන විට එහි ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වන බව අත්දැකීමෙන් අපි දනිමු. එනම් වස්තුව ත්වරණය වේ. ත්වරණයක් ඇති වීමට වස්තුව මත බලයක් ක්‍රියා කළ යුතුය. වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන විට එම වස්තුව මත ක්‍රියා කරන බලය පොළොවේ ගුරුත්වාකර්ෂණ බලයයි. ගුරුත්වාකර්ෂණ බලය නිසා හටගන්නා, ත්වරණය, හඳුන්වන්නේ ‘ගුරුත්වජ ත්වරණය’ නමිනි. එහි සංකේතය ට වේ.

පොළොව මතුපිට (මුහුදු මට්ටමේ) දී ගුරුත්වජ ත්වරණය සඳහා සාමාන්‍ය අගය 9.8 ms-2 පමණ වේ. මින් අදහස් වනුයේ වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන විට සෑම තත්පරයක් පාසා ම එහි ප්‍රවේගය 9.8 ms-1 බැගින් වැඩි වන බවයි. වස්තුවක් සිරස් ව ඉහළට ගමන් කරන විට සිදුවන්නේ එහි ප්‍රවේගය සෑම තත්පරයක් පාසා ම 9.8 ms-1 බැගින් අඩු වීමයි. එබැවින් වස්තුවක් සිරස් ව ඉහළට ගමන් කරන විට ගුරුත්වජ ත්වරණය සඳහා අගය – 9.8 ms-2 වේ.

නිශ්චලතාවයේ තිබී සිරස්ව පහළට වැටෙන වස්තුවක්, බිමට වැටීමට තත්පර 4ක් ගත වූයේ යැයි සිතන්න. බිමට වැටෙන තුරු එහි ප්‍රවේගය වෙනස් වූ අයුරු මෙසේ දැක්විය හැකි ය.

20 ms-1 ක ප්‍රවේගයකින් සිරස් ව ඉහළට යවන ලද වස්තුවක් උපරිම උසට නැඟීම නිරූපණය කරන ප්‍රවේග – කාල ප්‍රස්තාරය මීළඟට අදිමු. (මෙහි දී ගණනය කිරීමේ
පහසුව සඳහා g = 10 ms-2 ලෙස සලකා ඇත.)

ප්‍රවේගය වෙනස් වූ අයුරු වගුවේ දැක්වෙන අතර ඊට අනුරූප ප්‍රවේග-කාල ප්‍රස්තාරය 2.14 රූපයේ පෙන්වා ඇත.

මෙම ප්‍රස්තාරය ඇඳීමේ දී සිරස් ව ඉහළට ප්‍රවේගය ධන ලෙස සලකා ඇත. ඒ නිසා ගුරුත්වජ ත්වරණය මෙම ප්‍රස්තාරයෙන් නිරූපණය වන්නේ ඍණ ත්වරණයක් ලෙස ය.
Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *