Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ඉපිලීම

ජල බඳුනකට ගල් කැටයක් දැමූ විට එය ගිලෙන බවත්, ලෑලි කැබැල්ලක් වැනි දෙයක් දැමූ විට එය ජලයේ පාවෙන බවත් අපි දනිමු. සමහර වස්තු ජලයේ ගිලීමටත් තවත් සමහර වස්තු ජලයේ පාවීමටත් කවර විද්‍යාත්මක මූලධර්ම බලපාන්නේ දැ යි සොයා බලමු.

උඩුකුරු තෙරපුම
ලෑලි කැබැල්ලක් වැනි ජලයේ පාවෙන වස්තුවක් ජලය මත තබා දෑතින් තෙරපාගෙන සිටින විට, උඩුකුරු අතට ජලයෙන් යෙදෙන බලයක් අපේ අතට දැනේ. ජලයේ ගිලෙන වස්තුවක වුව ද, ජලය තුළ දී අපට දැනෙන බර වාතයේ දී එහි බරට වඩා අඩු වේ. මෙසේ වන්නේ ජලයේ ගිල්වා ඇති වස්තුවක් මත ජලය මගින් ඉහළට බලයක් යොදන නිසා ය. මෙම බලය උඩුකුරු තෙරපුම (upthrust) නමින් හැඳින්වේ. ජලය පමණක් නොව ඕනෑ ම තරලයක් එහි ගිලී ඇති වස්තු මත උඩුකුරු තෙරපුම ඇති කරයි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *