Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ඉලෙක්ට්‍රෝන වින්‍යාසය

දැනට පිළිගන්නා පරමාණුක ආකෘතිය අනුව ඒ ඒ ශක්ති මට්ටම්වල තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිබඳ ව කලින් සඳහන් කරන ලදී. පරමාණුවක න්‍යෂ්ටියේ සිට පිටතට පිළිවෙළින් ඒ ඒ ශක්ති මට්ටම්වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලෙස හැඳින්වේ. නිදසුනක් සලකා බලමු. සෝඩියම්වල පරමාණුක ක්‍රමාංකය 11කි. එබැවින් සෝඩියම් පරමාණුවක ප්‍රෝටෝන 11ක් ද ඉලෙක්ට්‍රෝන 11ක් ද ඇත. මේ අනුව සෝඩියම් පරමාණුවේ එම ඉලෙක්ට්‍රෝන 11 පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් ද, දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් ද, තුන්වන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ක් ද වශයෙන් පවතී. එබැවින්
සෝඩියම්වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පහත ආකාරයට ලියා දැක්විය හැකි ය.

Na – 2, 8, 1

මූලද්‍රව්‍ය පරමාණුවක කිසියම් ශක්ති මට්ටමක් එහි ඉලෙක්ට්‍රෝන අන්තර්ගත අවසාන ශක්ති මට්ටම වන විට එහි තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8 කි. එහෙයින් පොටෑසියම් සහ කැල්සියම් හි ඉලෙක්ට්‍රෝන අන්තර්ගත අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 9 සහ 10 බැගින් නොපවතී.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *