■ සෛල වර්ධනය
■ සෛල විභාජනය
සෛලවලට වර්ධනය වීමට මෙන් ම ගුණනය වීමට ද හැකියාව ඇත. ඒ අනුව එක් සෛලයකට සෛල දෙකක්, හතරක්, අටක් ආදී ලෙස ගුණනය විය හැකි ය. සෛල ගුණනය වීමෙන් නව සෛල ඇති වේ. සෛල ගුණනය වනුයේ සෛල විභාජනයෙනි. සෛල විභාජනය යනු නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සිදු වන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය යි. සත්‍ය න්‍යෂ්ටික සෛලයක සෛල විභාජනය සම්පූර්ණ වීම සඳහා පළමු ව න්‍යෂ්ටිය විභාජනය සිදු විය යුතු අතර අනතුරු ව සෛල ප්ලාස්මය විභාජනය විය යුතු ය. න්‍යෂ්ටික විභාජනයට පෙර න්‍යෂ්ටිය තුළ ඇති පරම්පරාවෙන් පරම්පරාවට ආවේණික ලක්ෂණ උරුම කර දෙන ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වර්ණදේහ, පහත දැක්වෙන රූපයේ පරිදි පැහැදිලි ලෙස දිස්වීමට පටන් ගැනේ.
යම් ජීවී විශේෂයක් සඳහා සාමාන්‍ය දෛහික සෛලයක වර්ණදේහ සංඛ්‍යාව නියතයකි. මෙය එම විශේෂයට අවේණික වේ.
නිදසුන – මිනිසාගේ දේහ සෛලයක වර්ණදේහ 46 ක් අඩංගු වේ. මෙය එකම ප්‍රවේණික තොරතුරු දරන වර්ණදේහ වශයෙන් යුගල් 23 කින් සමන්විත වේ.
සමාන ප්‍රවේණික තොරතුරු දරන වර්ණදේහ යුගලක් සමජාතීය වර්ණදේහ යුගලක් ලෙස හැඳින්වේ. මෙම සමජාතී වර්ණදේහ යුගලයෙන් එක් වර්ණදේහයක් මවගෙන් ද, අනෙක් වර්ණ දේහය පියාගෙන් ද වශයෙන් ජනිතයාට උරුම වේ. මේ අනුව දරුවාට පියාගෙන් ලැබෙන වර්ණදේහ 23ක් ද (n) , මවගෙන් ලැබෙන වර්ණදේහ 23ක් ද(n) ලෙස වර්ණදේහ 46ක් (2n) උරුම වේ.
ඌනන විභාජනයේ දී වර්ණදේහවල ව්‍යුහමය වෙනස්කම් සිදු වන නිසා ජීවීන්ගේ ප්‍රභේදන හෙවත් නව ලක්ෂණ හටගනී. මෙය ජෛව පරිණාමයේදී ඉතා වැදගත් සංසිද්ධියකි. ඌනන විභාජනයේ වැදගත්කම
0 පරම්පරාවෙන් පරම්පරාවට වර්ණදේහ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීම.
0 වර්ණදේහවල ඇතිවන වෙනස්වීම් හෙවත් ප්‍රභේදන හටගන්නා නිසා පරිණාමයේ දී වැදගත් වීම.
ඌනන හා අනූනන විභාජනයේ වෙනස්කම් 6.2 වගුවෙහි දක්වා ඇත.