Text book Note:
පෘථිවිය මතුපිට ඇති වඩාත් ම සුලබ කාබනික සංයෝගය කාබොහයිඩ්රේට ලෙස සැලකිය හැකි ය. ඒවා හරිත ශාක විසින් සිදුකරනු ලබන ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය මගින් නිපද වේ. එදිනෙදා ජීවිතයේදී ආහාරයට ගන්නා අල, බතල, ධාන්‍ය, සීනි, පිටි ආදිය කාබොහයිඩ්රේට අඩංගු ආහාර සඳහා උදාහරණ වේ.
කාබොහයිඩ්රේටවල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වන්නේ කාබන් ක්(c), හයිඩ්‍රජන් (H) හා ඔක්සිජන් (o) ය.
මෙහි හයිඩ්‍රජන් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සංයෝජනය වන්නේ 2 : 1 අනුපාතයෙනි.
කාබොහයිඩ්රේටවල පොදු අණුක සූත්‍රය
කාබොහයිඩ්රේට සංයෝග සෑදී ඇති ආකාරය අනුව ඒවා පහත දැක්වෙන පරිදි වර්ග කළ හැකි ය.
■ මොනොසැකරයිඩ (Monosaccharides)
මොනොසැකරයිඩ යනු කාබොහයිඩ්රේටවල තැනුම් ඒකකයයි. ඒවා බොහෝ විට සරල සීනි ලෙස ද හඳුන්වනු ලැබේ. එමෙන් ම මේවා ස්ඵටික ස්වරූපයක් ගනී. මොනොසැකරයිඩ ජලයේ දිය වේ. මේවා පැණි රස ය. ග්ලූකෝස්, පෘක්ටෝස් හා ගැලැක්ටෝස් මොනොසැකරයිඩ සඳහා නිදසුන් වේ.
■ ඩයිසැකරයිඩ (Disaccharides)
මොනොසැකරයිඩ අණු 2 ක් එකතු වී ඩයිසැකරයිඩ සෑදේ. එහිදී ජල අණුවක් පිටවේ. එමෙන් ම ඩයිසැකරයිඩ ජල විච්ඡේදනය කර අදාළ මොනොසැකරයිඩ ලබාගත හැකි ය. ඩයිසැකරයිඩ ජලයේ ද්‍රාව්‍ය පැණි රස ස්ඵටික වේ.
■ පොලිසැකරයිඩ
මොනොසැකරයිඩ අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් පොලිසැකරයිඩ සෑදේ. එමෙන්ම පොලිසැකරයිඩ ජල විච්ඡේදනය වීමෙන් නැවත මොනසැකරයිඩ සෑදේ. ඇල් ජලයේ අද්‍රාව්‍යයි. ස්ථටිකරූපී නොවේ. සෙලියුලෝස්, පිෂ්ටය හා ග්ලයිකොජන් පොලිසැකරයිඩ සඳහා නිදසුන් වේ. සෙලියුලෝස් පිෂ්ටය හා ග්ලයිකොජන් යන පොලිසැකරයිඩවල තැනුම් ඒකකය ග්ලූකෝස්ව න නමුත් පවතින ග්ලූකෝස් අණු සංඛ්‍යාව සහ අණු සම්බන්ධ වන ආකාරය විවිධ වීම නිසා ඒවායේ ස්වභාවය එකිනෙකට වෙනස් වේ. එම පොලිසැකරයිඩ පිළිබඳ තොරතුරු 1.3 වගුවේ දක්වා ඇත.
■ කාබොහයිඩ්රේටවල වැදගත්කම හ ශක්ති ප්‍රභවයක් ලෙස.
ජීවීන්ගේ ක්‍රියාකාරකම් සඳහා ශක්තිය ලබා ගන්නා ප්‍රධාන ප්‍රභවය වන්නේ කාබොහයිඩ්රේටයි. මේවා ජීරණයෙන් සෑදෙන මොනොසැකරයිඩ (ග්ලූකෝස්) සෛල තුළ ඔක්සිකරණය වීමෙන් ශක්තිය නිදහස් වේ.
o සංචිත ආහාරයක් ලෙස.
o ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස.
o නියුක්ලෙයික් අම්ලවල සංඝටකයක් ලෙස.