O ආවේණිය පිළිබඳ ජාන සංකල්පය
ජීවීන්ගේ ලක්ෂණ තීරණය වන්නේ අංශුමය සාධක විශේෂයකින් බව මෙන්ඩල් ප්‍රකාශ කළේය. ඔහු හඳුනා ගත් අංශුමය සාධක, ජාන (genes) යනුවෙන් පසුව නම් කරන ලදී. ආවේණික ලක්ෂණ පිළිබඳ ජාන සංකල්පය යොදා ගැනීමේදී ප්‍රමුඛ ලක්ෂණය ගෙන යන ජානය ඉංග්‍රිසි කැපිටල් අකුරකින්ද, නිලීන ලක්ෂණය ගෙන යන ජානය එහි සිම්පල් අකුරෙන් ද දැක්වීම සම්මතයයි. මෙන්ඩල් විසින් ඉදිරිපත් කළ ගෙවතු මෑ ශාකයේ ඒකාංග ප්‍රවේණිය දක්වන සටහනේදී මේ වන විටත් එම අක්ෂර යොදාගෙන ඇත. කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන දෙක සමාන නම් එම ජීවියා එම ලක්ෂණයට සමයුග්මක වේ. නැතහොත් එම ජීවියා සමයුග්මක ජාන සහිත යැයි කියනු ලැබේ. කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන දෙක අසමාන නම් එම ජීවියා එම ලක්ෂණයට විෂම යුග්මක වේ. නැතහොත් එම ජීවියා විෂම යුග්මක ජාන සහිත යැයි කියනු ලැබේ.
නිදසුන් :- වටකුරු බීජ ඇති කරන ජානය R වන විට රැළි සහිත බීජය ඇති කරන ජානය ර වේ.
O රූපානුදර්ශය හා ප්‍රවේණිදර්ශය
ජීවියකුගේ බාහිර වශයෙන් ප්‍රකාශ වන ලක්ෂණය රූපානුදර්ශය h (phenotype) ලෙස හැඳින්වේ. එම ලක්ෂණය තීරණය කිරීම සඳහා ජීවියා තුළ ඇති ජාන සංයුතිය එම ජීවියාගේ ප්‍රවේණිදර්ශය (genotype) ලෙස හැඳින්වේ.
නිදසුන් :-
X වටකුරු බීජ සහිත විෂම යුග්මක ගෙවතු මෑ ශාකයේ රූපානුදර්ශය බීජවල වටකුරු බවයි. එහි ප්‍රවේණිදර්ශය Rr ය.
X වටකුරු බීජ සහිත සමයුග්මක ගෙවතු මෑ ශාකයේ රූපානුදර්ශය බීජවල වටකුරු බවයි. එහි ප්‍රවේණිදර්ශය RR ය.
X රැළි වැටුණු බීජ සහිත සමයුග්මක ගෙවතු මෑ ශාකයේ රූපානුදර්ශය බීජවල රැළි වැටුණු බවයි. එහි ප්‍රවේණිදර්ශය rr ය.
ප්‍රවේණික ද්‍රව්‍යයේ ස්වභාවය හා ජාන ජීවීන්ගේ ලක්ෂණ
පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කෙරෙන ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ වර්ණදේහවල අඩංගු ඩිඔක්සි රයිබෝ නියුක්ලෙයික් අම්ලය (DNA) නම් වූ ජෛව අණු බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත. ෘභ් අණුවේ ද්විත්ව හෙලික්සීය ආකෘතිය හඳුන්වා දුන්නේ 1953 දී වොට්සන් හා ක්‍රික් යන විද්‍යාඥයන් දෙදෙනා
විසිනි.
DNA අණුවේ දාම දෙක යා කරන භෂ්ම යුගල සැකසෙන අනුපිළිවෙල මත නොයෙකුත් ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සිදු වේ. ජීවීන්ගේ ලක්ෂණ නිර්ණය කෙරෙන්නේ භෂ්ම යුගල පිහිටන මෙම අනුපිළිවෙල අනුව ය. ඒ අනුව ජානයක් යනු යම් ලක්ෂණයක් සඳහා වග කියන්නා DNA අණුවක පිහිටි නිශ්චිත භෂ්ම අනුපිළිවෙලකි. වෙනත් ආකාරයකින් කියතොත් යම් ලක්ෂණයක් සඳහා විශේෂිත DNA අණු කොටසකි. ජීවියකුගේ තිබෙන ලක්ෂණ රාශියක් තීරණය කෙරෙන හා ඒවා ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය කෙරෙන ජාන අතිවිශාල සංඛ්‍යාවක් වර්ණදේහයක් මත පිහිටයි. ඕනෑම ජානයක් වර්ණදේහයක් මත පිහිටන නිශ්චිත ස්ථානයක් ඇත.
ජාන ප්‍රතිබද්ධය (Gene Linkage)
එකම ලක්ෂණ පෙළක් සඳහා සැකසුනු වර්ණදේහ යුගලයක් සමජාත (සමප්‍රභව) වර්ණදේහ යුගලක් ලෙස සලකන අතර ඒවා දිගින්, පළලින් සහ සෙන්ට්‍රොමියරය පිහිටන ස්ථානයෙන් එකිනෙකට සමාන වේ. ජීවියකුට මෙම සමජාත වර්ණදේහ යුගලය උරුම වන්නේ එක් වර්ණදේහයක් මවගෙන් ද, අනෙක් වර්ණදේහය පියාගෙන් ද වශයෙනි. යම් කිසි ලක්ෂණයක් තීරණය කෙරෙන ජාන යුගලක් පිහිටන්නේ සමජාත වර්ණදේහවල අනුරූප ස්ථානවල ය. ජන්මාණු සෑදීමේ දී මෙම ජාන ස්වාධීනව වියුක්ත වන බව (වෙන්වන බව) මෙන්ඩල්ගේ පරීක්ෂණවලින් පැහැදිලි විය. මෝර්ගන් නැමැති විද්‍යාඥ්‍යා විසින් ද ආවේණිය පිළිබඳ පරීක්ෂණ කරන ලදි. එහිදි අනපේක්ෂිත රූපානුදර්ශ අනුපාත ලැබුණු අතර එසේ වන්නේ ජාන ස්වාධීනව වියුක්ත වීම සෑම විටම සිදු නොවීම නිසා බව සොයා ගත්තේය. එකම වර්ණදේහය මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ජාන ප්‍රතිබද්ධ ජාන ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලදි.