Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

සෛලය පිළිබඳ සංකල්පය

ජීවයේ සෛල සංවිධාන මට්ටම් සැලකූ විට ජීවී දේහ ගොඩ නැගී ඇති (ව්‍යුහමය) කුඩාම ඒකකය සෛලය වේ.

තනි සෛලයකින් සෑදී ඇති ජීවීන් ඒක සෛලික ජීවීන් ලෙස ද සෛල රාශියකින් සෑදී ඇති ජීවීන් බහු සෛලික ජීවීන් ලෙස ද හැඳින්වේ. සෛල මගින් ජීවී දේහයේ විවිධ කාර්යයන් ඉටු කරනු ලබයි.

නිදසුන් – මිනිසාගේ ඔක්සිජන් පරිවහනය සඳහා රතු රුධිරාණු සෛල පිහිටීම ආවේග සන්නයනය සඳහා ස්නායු සෛල පිහිටීම.

මේ අනුව කිසියම් කාර්යයක් (කෘත්‍යයක්) ඉටු කිරීමට හැඩ ගැසුණු කුඩා ම ජෛවීය ඒකකය සෛලය වේ. ජීවයේ ව්‍යුහමය ඒකකය මෙන් ම කෘත්‍යමය ඒකකය ද සෛලය බව මේ අනුව පැහැදිලි වේ. සෛල හැඩයෙන්, ප්‍රමාණයෙන් හා ක්‍රියාකාරිත්වයෙන් විවිධ වේ. විශේෂ අවස්ථා කිහිපයක් හැරුණු විට සාමාන්‍යයෙන් සෛල පියවි ඇසට නොපෙනේ. එම නිසා ඒවා ආලෝක අණ්වීක්ෂය යටතේ නිරීක්ෂණය කළ යුතු ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *