Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාව

බිත්තියක, 12.12 රූපයේ පෙන්වා ඇති ආකාරයට එල්ලා ඇති රාමු කළ පින්තූරයක් නිශ්චල ව පවතින්නේ ලණු දෙක දිගේ යෙදෙන ආතති බල (f1 හා f2) සහ පින්තූරයේ බර (W) යන බල තුන සමතුලිතතාවෙන් පවතින බැවිනි. මෙම බල තුන ඒකතල වූවද, මීට පෙර විස්තර කළ අවස්ථාවල දී මෙන් එකිනෙකට සමාන්තර බල නොවේ. දැන් අපි මෙවැනි ඒකතල, එහෙත් සමාන්තර නොවන බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වීමට අවශ්‍ය සාධක සෙවීමට පහත ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

එනම්, එකිනෙකට ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වීමට බල තුන ඒකතල විය යුතු ය. එසේම බල තුනෙහි ක්‍රියා රේඛා එකම ලක්ෂ්‍යයක දී හමු විය යුතු ය. තවද, බල දෙකක සම්ප්‍රයුක්තය තුන් වන බලයට සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතු ය. අප ඉහත සාකච්ඡා කළේ බල දෙකක් හෝ තුනක් යටතේ සමතුලිතතාවේ පවතින පද්ධති පිළිබඳව ය.

ඊට වඩා වැඩි බල සංඛ්‍යාවක් යටතේ ද වස්තුවක් සමතුලිතතාව පැවතිය හැකි ය. 12.14 රූපයේ පෙන්වා ඇත්තේ බල පහක් පවතින අවස්ථාවකි. එහි ඇත්තේ මුලු හතරට ගැට ගැසූ ලණු හතරක් මගින් එල්ලා ඇති ලෑල්ලකි. මෙහි දී ලෑල්ල නිශ්චල ව පවතින්නේ සිරස් ව පහළට ක්‍රියා කරන ලෑල්ලේ බර ලණු හතරෙහි ආතති බලවලින් සමතුලිත වීම නිසා ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *