Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක

සන්නායක කැබැල්ලක ප්‍රතිරෝධය පහත සාධක මත රඳා පවතී.
(i) සන්නායක කැබැල්ලේ හරස්කඩ වර්ගඵලය
(ii) සන්නායක කැබැල්ලේ දිග
(iii) එම සන්නායකය සෑදී ඇති ද්‍රව්‍යය
මෙම එක් එක් සාධකය ප්‍රතිරෝධය සඳහා බලපාන ආකාරය සොයා බැලීම සඳහා ක්‍රියාකාරකම 19.4 සිදු කරම

(a) 1, 2 හා 3 යන කම්බිවලට අදාළ පාඨාංක භාවිතයෙන් ලබාගත හැකි නිගමනය කුමක් ද?
(b) 3, 4 හා 5 යන කම්බිවලට අදාළ පාඨාංක සලකමින් ගත හැකි නිගමනය කුමක් ද?
(c) 5, 6 හා 7 යන කම්බිවලට අදාළ පාඨාංක අනුව ඔබට කුමක් කිව හැකි ද?
ක්‍රියාකාරකම 19.4 ට අනුව එක් එක් අවස්ථාවේ දී, පරිපථය තුළින් ගලන ධාරාව එකිනෙකට වෙනස් බව පැහැදිලි වේ. එක් එක් අවස්ථාව සඳහා භාවිත කළ සන්නායකවල ප්‍රතිරෝධ වෙනස් වීම මීට හේතුවයි. මේ අනුව සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන ප්‍රධාන
සාධක 3ක් දැක්විය හැකි ය.

එනම්,
(i) සන්නායකයේ හරස්කඩ වර්ගඵලය
(ii) සන්නායකයේ දිග
(iii) සන්නායකය සෑදී ඇති ද්‍රව්‍ය වේ.

මේ එක එකක් ප්‍රතිරෝධය සඳහා බලපාන ආකාරය පහත දැක්වේ.
● සන්නායකයේ හරස්කඩ වර්ගඵලය වැඩිවන විට ප්‍රතිරෝධය අඩුවේ.
● සන්නායකයේ දිග වැඩිවන විට ප්‍රතිරෝධය වැඩි වේ.
● එක සමාන දිග හා සමාන හරස්කඩ වර්ගඵලය සහිත, වෙනස් ලෝහවලින් සෑදූ කම්බි
දෙකකට එකම විභව අන්තරය ලබා දුන්න ද සන්නායක දෙක තුළින් ගලන ධාරා අසමාන ය. ඊට හේතුව එම ලෝහ දෙකේ “ප්‍රතිරෝධකතාව” නම් ගුණය වෙනස් වීම ය. ඒ අනුව ඒවායේ ප්‍රතිරෝධ වෙනස් වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *