ජීවීන්ගේ දේහ බරින් වැඩි ප්‍රමාණයක් සමන්විත වන්නේ අකාබනික සංයෝගයක් වන ජලයෙනි. බොහෝ ජීවීන්ගේ ශරීර බරෙන් 2/3 ක් ජලය වේ. ජලය සජීව පදාර්ථයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයක් වේ. පෘථිවියෙහි ජීවය සම්භවය වී ඇත්තේ ද ජලයේ ය. ජලයේ සංයුතිය ඉතා සරලය. දේහය තුළ ඇති බහුලතම අකාබනික සංයෝගය වන ජලය ජීවීන්ගේ දේහ තුළ සිදුවන කෘත්‍ය ගණනාවක් සඳහා වැදගත් වේ. ජලයෙහි ඇති සුවීශේෂී ගුණ හා ජීවය පවත්වා ගැනීමට ජලයේ දායකත්වය වගුව 1.4හි දැක්වේ.