Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

මිනිසාගේ ලිංග නිර්ණය (Sex Determination)

ඔබේ ගැහැණු බව හෝ පිරිමි බව හෝ තීරණය වූයේ කෙසේ ද යන්න දැන ගැනීමට ඔබ කැමති වනු ඇත. එය සිදුවන්නේ මාතෘ හා පීතෘ ජන්මාණු සංසේචනයේදී ලිංග වර්ණදේහ එක්වන ආකාරය අනුවය. මෙම සිදුවීම ලිංග නිර්ණය නම් වේ ලිංග නිර්ණය සිදුවන ආකාරය සොයා බලමු. මිනිසාගේ දේහ සෛලයක වර්ණදේහ 46 ක් එනම්, යුගල් 23 ක් ඇති බව ඔබ දැනටමත් උගෙන ඇත. වර්ණදේහ යුගල් අතරින් යුගල් 22 ක්, අලිංග වර්ණ දේහ (දෛහික වර්ණදේහ) වන අතර, ඉතිරි වර්ණදේහ යුගලය, ලිංග වර්ණදේහ ලෙස හැදින්වේ.

ස්ත්‍රීන්ගේ ලිංග වර්ණදේහ යුගලට අයත් වර්ණදේහ ව්‍යුහයෙන් හා හැඩයෙන් එක සමාන වේ. ඒවා X වර්ණදේහ ලෙස හැදින්වේ. පිරිමින්ගේ ලිංග වර්ණදේහ දෙක එකිනෙකට වෙනස් ය. ඒවා X හා Y වර්ණදේහ ලෙස හැඳින් වේ. Y වර්ණදේහය, X වර්ණදේහයට වඩා කුඩා ය. පිරිමින්ගේ X වර්ණදේහය ස්ත්‍රීන්ගේ X වර්ණදේහයට සමාන ය. ලිංගික ප්‍රජනනයට අවශ්‍ය ස්ත්‍රී ජන්මාණුවක් හෙවත් ඩිම්බයක් ඩිම්බ මාතෘ සෛලවලින් ඇති වීමේදීත්, පුරුෂ ජන්මාණු හෙවත් ශුක්‍රාණු, ශූක්‍රාණු මාතෘ සෛලවලින් ඇති වීමේදීත් ලිංග වර්ණදේහ යුගල වෙන් වේ. මේ අනුව ශූක්‍රාණුවක හෝ ඩිම්බයක තිබිය හැක්කේ අලිංග වර්ණදේහ 22 ක් හා ලිංග වර්ණදේහ එකක් පමණකි. ඩිම්බයක X ලිංග වර්ණදේහ එකක් පමණක් ද ශූක්‍රාණුවක X ලිංග වර්ණදේහයක් හෝ Y ලිංග වර්ණදේහයක් පමණක් ද පිහිටයි.

ඩිම්බයක්, ශුක්‍රාණුවක් මගින් සංසේචනය වූ විට ඇතිවන යුක්තාණුවක න්‍යෂ්ටියේ X ලිංග වර්ණදේහ දෙකක් හෝ X ලිංග වර්ණදේහයක් සමඟ Y ලිංග වර්ණදේහයක් පිහිටයි. X වර්ණදේහ දෙකක් සහිත යුක්තාණුවකින් ගැහැණු දරුවකු ද X හා Y වර්ණදේහ සහිත යුක්තාණුවකින් පිරිමි දරුවකු ද ඇති වේ. මේ අනුව පිරිමි දරුවකු බිහි කිරීමට අවශ්‍ය සාධකය ලැබෙන්නේ මවගෙන් නොව පියාගෙනි. ලිංග නිර්ණය සිදු වන ආකාරය 20.23 රූපයෙන් දැක්වේ. ලැබෙන දරුවා ගැහැණු දරුවකු හෝ පිරිමි දරුවකු වීමේ සම්භාවිතාව 50% කි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *