Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

චලනය (Movement)

විවිධ අවශ්‍යතා (ආහාර, ආරක්ෂාව, ප්‍රජනනය) සපයාගැනීම සඳහා ජීවීහු චලනය උපයෝගි කරගනිති. මෙහිදී ජීවීයාගේ සම්පූර්ණ දේහය ම හෝ දේහ කොටසක් හෝ චලනය වේ. ඒක සෛලික ජීවීහු චලනය සඳහා පක්ෂ්ම, කශිකා හෝ ව්‍යාජ පාද යොදාගනිති. බහු සෛලික ජීවීහු පේශි ආධාරයෙන් සම්පූර්ණ දේහයම හෝ කොටසක් හෝ චලනය කරති. මේ ආකාරයට ම සෛල තුළ ඇති ඉන්ද්‍රියිකා වලටද චලනය වීමේ හැකියාවක් ඇත.

මේ චලනය ද ජීවී ලක්ෂණයකි. එය ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. ජනේලයක් අසල පෝච්චියක සිටවූ පැළෑටියක අග්‍රස්ථය ආලෝකය දෙසට වර්ධනය වන බව ඔබ දැක ඇතැයි සිතමු. ශාකයක අග්‍රස්ථය ආලෝකය දෙසටත් මුල ගුරුත්වය දෙසටත් වර්ධනය වේ. මේ අනුව ශාක කඳ ධන ප්‍රභාවර්තී ලෙසත් මුල ධන ගුරුත්වාවර්තී ලෙසත් චලන දක්වයි. ජීවියකු කෙරෙහි බලපාන උත්තේජ සඳහා ප්‍රතිචාර ලෙස ඔවුහු චලන දක්වති. උත්තේජ විවිධ විය හැකියි.

නිදසුන්:- ආලෝකය/අඳුර, රසායනික ද්‍රව්‍ය, ගුරුත්වාකර්ෂණය, තාපය/උෂ්ණත්වය,කම්පන/ස්පර්ශය ආදිය දැක්විය හැකියි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *