Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ප්‍රතිරෝධක පද්ධති

පරිපථයක ගලන ධාරාව අවශ්‍ය පරිදි පාලනය කිරීම සඳහා ප්‍රතිරෝධක යොදා ගැනෙයි. අවශ්‍ය ප්‍රතිරෝධී අගය සහිත තනි ප්‍රතිරෝධකයක් සපයා ගැනීමට අපහසු අවස්ථාවල ප්‍රතිරෝධක කිහිපයක් සම්බන්ධ කිරීමෙන් අවශ්‍ය ප්‍රතිරෝධී අගය සාදා ගත හැකි ය. මේ සඳහා ප්‍රතිරෝධක සම්බන්ධ කරන මූලික ආකාර දෙකකි.

  1. ශ්‍රේණිගත (series) ප්‍රතිරෝධක සැකසුම.
  2. සමාන්තරගත (parallel) ප්‍රතිරෝධක සැකසුම.

ශ්‍රේණිගත ප්‍රතිරෝධක සැකසුම
පරිපථයේ සෑම ප්‍රතිරෝධකයක් ම හරහා මු`ඵ ධාරාව ම ගලා යන පරිදි සම්බන්ධ කිරීම, ප්‍රතිරෝධක ශ්‍රේණිගත සම්බන්ධ කිරීම ලෙස හැඳින්වේ. පරිපථයක R1,R2, හා R3 ප්‍රතිරෝධක තුනක් ශ්‍රේණිගත ව සම්බන්ධ කර ඇති ආකාරය 19.29 රූපයේ දක්වා ඇත.

ප්‍රතිරෝධක ශ්‍රේණිගත ව සම්බන්ධ කර ඇති විට, මෙම ප්‍රතිරෝධක හරහා ඇති විභව අන්තරයන්ගේ එකතුව, සැපයුම් විභව අන්තරයට සමාන විය යුතු ය.

සමක ප්‍රතිරෝධය යනු සම්බන්ධ කර ඇති ප්‍රතිරෝධක සියල්ල වෙනුවට යෙදිය හැකි තනි ප්‍රතිරෝධකයේ අගයයි. ප්‍රතිරෝධක ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති විට සමක ප්‍රතිරෝධය සමාන වන්නේ ප්‍රතිරෝධක සියල්ලේ අගයන්ගේ එකතුවටයි.

සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුම
පරිපථයේ මුළු ධාරාව ප්‍රතිරෝධක අතර බෙදීයන ආකාරයට සම්බන්ධ කිරීම, ප්‍රතිරෝධක සමාන්තරගත සම්බන්ධ කිරීම ලෙස හැඳින්වේ. පරිපථයක R1, R2, හා R3
ප්‍රතිරෝධක තුනක් සමාන්තරගතව සම්බන්ධ කර ඇති ආකාරය 19.30 රූපයේ දක්වා ඇත.

මෙහි දී පරිපථය තුළින් ගලන ධාරාව කොටස්වලට බෙදී එක් එක් ප්‍රතිරෝධකය තුළින් ගලයි. එනම්, එක් එක් ප්‍රතිරෝධකය තුළින් ගලන ධාරාවල එකතුව පරිපථය තුළින් ගලන මුඵ ධාරාවට සමාන බැවින්,

සමාන්තරගත ලෙස ප්‍රතිරෝධක සම්බන්ධ කර ඇති පද්ධතියක සමක ප්‍රතිරෝධයෙහි පරස්පරය එක් එක් ප්‍රතිරෝධකවල අගයන්හි පරස්පරවල එකතුවට සමාන වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *