ජෛව ලෝකයේ ශාක හා සත්ත්ව විශේෂ අතිවිශාල සංඛ්‍යාවක් ඇති බව ඔබ දන්නෙහි ය. එක් විශේෂයක ජීවීන් තවත් විශේෂයක ජීවීන්ගෙන් වෙන් කර හඳුනා ගැනීම ඔවුන්ගේ බාහිර ලක්ෂණ නිරීක්‍ෂණය කිරීමෙන් පුළුවන. මෙම හැකියාව අපට ලැබෙන්නේ එක් එක් ජීවී විශේෂයට ආවේණික වූ ලක්ෂණ පිහිටා තිබීම නිසා ය. ආවේණික ලක්ෂණ යනු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණයි. එක් ජීවී විශේෂයකට පොදු වූ ආවේණික ලක්ෂණ තිබුණද එක් විශේෂයකට අයත් හැම ජීවියෙක් ම එක සමාන නොවේ. පහත දැක්වෙන නිදසුන් බලන්න. හ සෑම මිනිසකුගේ ම ශරීර ලක්ෂණ එක සමාන නොවේ. ඔවුන් අතර ද බොහෝ වෙනස්කම් ඇත (20.1 රූපය).
ඔබට හමු වන බළලුන්, ගිරවුන් වැනි සත්ත්ව විශේෂවල සතුන් අතර ද විවිධත්වයක් ඇත (20.2 රූපය).
ඔබේ ගෙවත්තේ වැවෙන රෝස, ඕකිඩ් වැනි ශාක අතරද විවිධ වර්ණ හා විවිධ ප්‍රමාණවල මල් හට ගන්නා ශාක ඇත (20.3 රූපය).
ඔබේ ගෙවත්තේ ඇති බටු, තක්කාලි වැනි ශාක විශේෂවල ද විවිධ ආකාරයේ ඵල හට ගන්නා ආකාරය නිරීක්‍ෂණය කළ හැකි ය (20.4 රූපය).
දැන් අපි මිනිස් විශේෂයේ පවත්නා සුලභ ආවේණික ලක්ෂණ කිහිපයක් ගැන සොයා බලමු.
O මිනිස් විශේෂයේ පවත්නා සුලභ ආවේණික ලක්ෂණ
මිනිසුන් අතර බහුලව දක්නට ලැබෙන ආවේණික ලක්ෂණ කිහිපයක් පහත දැක්වෙන ඡායාරූප අධ්‍යයනයෙන් හඳුනා ගනිමු.
ඉහත 20.1 ක්‍රියාකාරකමෙහි නිරීක්ෂණ අනුව පිය පාර්ශ්වයේ මෙන් ම මව් පාර්ශ්වයේ ලක්ෂණ බොහොමයක් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වී ඇති බව පැහැදිලි වනු ඇත. එහෙත් ඔබ සොයා බැලූ කිසිම ඥාතියකුට නොමැති ලක්ෂණ ඔබේ සොහොයුරකුට, සොයුරියකට හෝ ඥාතියකුට හෝ තිබිය හැකි ය. එහෙත් තවත් අතීතයට ගොස් ඥාතීන්ගේ තොරතුරු රැස් කළ හැකි නම් සමහර විට ඔවුන් අතර එම ලක්ෂණ තිබෙන්නට ඉඩ ඇත. මෙයින් පෙනී යන්නේ ආවේණික ලක්ෂණ පරම්පරා කිහිපයක් මඟහැර ඊළඟ පරම්පරාවකට සම්ප්‍රේෂණය විය හැකි බව ය.
කලාතුරකින් හමුවන ආවේණික ලක්‍ෂණ ද ඇත. එයින් කිහිපයක් පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් හඳුනා ගන්න.
ආවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය වීම සෑම ජීවියකුට ම පොදුය. මිනිසාගේ මෙන් ම වෙනත් සතුන්ගේ හා ශාකවල ද ආවේණික ලක්ෂණ පිහිටා ඇත. ඒ පිළිබඳව සොයා බැලීමට පැවරුම 20.1 හි යෙදෙන්න.
ඔබ රැස් කළ තොරතුරු අනුව සතුන්ගේ හමේ ස්වභාවය, කන්වල ස්වභාවය, දත්වල ස්වභාවය, පාදවල ස්වභාවය, පියාපත්වල ස්වභාවය, සමේ වර්ණ රටාව සහ හොටේ ස්වභාවය වැනි ලක්ෂණත් ශාකවල, පුෂ්පවල වර්ණය, කරල්වල ස්වභාවය, බීජවල ස්වභාවය, ඵලවල රසය සහ උස මිටි බව වැනි ලක්ෂණත් ආවේණික ඒවා බව පැහැදිලි වනු ඇත.
ආවේණික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක නියැලුණු මුල්ම පුද්ගලයා වූයේ ඔස්ටි්‍රයානු ජාතික කතෝලික පූජකවරයකු මෙන් ම විද්‍යා උපාධිධරයකු වූ ග්‍රෙගර් මෙන්ඩල් ය. එනිසා ඔහු ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සලකනු ලබයි.