Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

උද්දීප්‍යතාව හා සමායෝජනය (Irritability & Co-ordination)

ජීවීහු පරිසරයේ සිදුවන වෙනස් වීම් අනුව ක්‍රියාකරති. එවැනි බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදු වන වෙනස් වීමක් නැතහොත් සංවේදනයක් යම් ප්‍රබලතාවකින් යුක්ත වන විට ජීවීහු ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට පෙලඹෙති. මේ ලෙස ප්‍රතිචාරයක් ඇති කරලීමට සමත් වෙනස්වීමක් උත්තේජයක් ලෙස හඳුන්වයි. උත්තේජ ලබා ගන්නේ ඇස, කන, නාසය, දිව හා සම යන සංවේදී ඉන්ද්‍රියන්ගෙනි. මෙහි දී උත්තේජය වශයෙන් ආලෝකය, ශබ්දය, රසායනික හෝ යාන්ත්‍රික කම්පන, ක්‍රියාකළ හැකිය.

පරිසරයේ සිදුවන වෙනස්වීම්වලට ක්‍රියාකිරීම ප්‍රතිචාර දැක්වීම ලෙස හඳුන්වයි. ඉහත 8.10 රූපයේ, උත්තේජය ශබ්දය වන අතර ප්‍රතිචාරය කන් දෙක වසා ගැනීමයි. බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාව උද්දීපත්‍යතාවයි. උත්තේජ සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී විවිධ ඉන්ද්‍රිය අතර සම්බන්ධීකරණය සමායෝජනය ලෙස හඳුන්වයි. සමායෝජනය සඳහා ස්නායු පේශි සහ හෝර්මෝන වැදගත් වේ. සමහර කෘමීහු, අඳුරටත් සමහර කෘමීහු, ආලෝකය දෙසටත් පියාඹති. සතුන් පමණක් නොව ශාක ද උත්තේජවලට ප්‍රතිචාර දක්වති.

නිදසුන් :- නිදිකුම්බා ශාක පත්‍ර ස්පර්ශ කළ විට හැකිළේ. එනම් එම ශාකපත්‍ර ස්පර්ශ සංවේදී ය.
තෝර, සියඹලා සහ කතුරුමුරුංගා යන ශාකවල පත්‍ර, රාත්‍රිය වන විට හැකිළී යයි. එනම් එම ශාක පත්‍ර ආලෝක සංවේදී වේ

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *