සත්ත්ව සෛල හා ශාක සෛලවල ව්‍යුහය අධ්‍යයනය සඳහා පහත දැක්වෙන 6.1 හා 6.2 ක්‍රියාකාරකම්වල නිරත වෙමු.
සත්ත්ව සෛල සඳහා නිදසුනක් වශයෙන් පහසුවෙන් ලබාගත හැකි සෛල නිදර්ශකයක් ලෙස කොපුල් සෛල ද ශාක සෛල සඳහා නිදර්ශකයක් ලෙස ලූනු සිවියේ සෛල ද අණ්වීක්ෂයෙන් නිරීක්ෂණය කරමු.
■ දර්ශීය සෛලය
සෛල තුළ අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන ඉතා කුඩා ව්‍යුහ ඉන්ද්‍රියිකා ලෙස හැඳින්වේ. එම සෛලය ඉටු කරන කෘත්‍ය අනුව පවතින ඉන්ද්‍රියිකා වර්ග හා සංඛ්‍යාව වෙනස් වේ. සෛලයක තිබිය යුතු සියලු ම ඉන්ද්‍රියිකා අඩංගු වන සේ නිර්මාණය කරන ලද සෛලය, දර්ශීය සෛලයක් ලෙස හැඳින්වේ. ජීව ලෝකයේ එවැනි සෛලයක් නොපවතී. එහෙත් දර්ශීිය සෛලයේ අඩංගු ඉන්ද්‍රියිකා කිසියම් ප්‍රමාණයක් හෝ අඩංගු විවිධ සෛල, ජීවීන් තුළ දැකිය හැකි ය.
සෑම සත්ත්ව සෛලයක් ම ආවරණය වී පවතින්නේ ප්ලාස්ම පටලය හෙවත් සෛල පටලයෙනි. එය සජීවී අර්ධ පාරගම්‍ය මෙන් ම වරණ පාරගම්‍ය පටලයකි. සත්ත්ව සෛලවල න්‍යෂ්ටිය සෛල ප්ලාස්මය තුළ කේන්ද්‍රගත ව පිහිටයි. සෛල ප්ලාස්මය ජල්ලිමය ද්‍රව්‍යයකි.
ශාක සෛලවල බාහිර ආවරණය සෛල බිත්තියයි. සෛල බිත්තිය සෙලියුලෝස්වලින් සෑදී ඇත. සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලය හෙවත් සෛල පටලය පිහිටා ඇත. ශාක සෛලවල සෛල මධ්‍යයේ විශාල රික්තකයකි. සාමාන්‍යයෙන් සත්ත්ව සෛල තුළ එවැනි විශාල රික්තක දැකිය නොහැකි ය. ශාක සෛලවල මෙන් ම සත්ත්ව සෛලවල ද සෛලප්ලාස්මය තුළ විවිධාකාර කෘත්‍යයන් ඉටු කරන නොයෙකුත් ඉන්ද්‍රියිකා ඇත. මෙම ඉන්ද්‍රයිකා බොහොමයක් ආලෝක අණ්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැකි බැවින් ඒ සඳහා ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය භාවිත කළ යුතු ය.
සෛල ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීමෙන් ලබාගන්නා තොරතුරු පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද දර්ශීය ශාක සෛලයක හා සත්ත්ව සෛලයක රූපසටහන් පහත දැක්වේ.
සත්ත්ව හා ශාක සෛලවල ව්‍යුහය සැලකූ විට ඒවා අතර සමානකම් මෙන් ම විවිධ වෙනස්කම් ද ඇත. සත්ත්ව හා ශාක සෛල අතර ප්‍රධාන වෙනස්කම් පහත වගුවේ දැක්වේ.