Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක

ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ වස්තූන්ගේ එකිනෙක හා ස්පර්ශ ව ඇති පෘෂ්ඨ අතර බැවින් ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය (රළු බව) ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය හා වස්තු අතර අභිලම්භ ප්‍රතික්‍රියාව සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන ආකාරය දැන් විමසා බලමු. පළමු ව සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවයේ (රළු බවෙහි) බලපෑම සොයා බැලීම සඳහා පහත ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

රළු බව අඩු වැලි කඩදාසිය යෙදූ අවස්ථාවට වඩා ක්‍රමයෙන් රළු බව වැඩි වැලි කඩදාසි යොදාගන්නා විට සීමාකාරී ඝර්ෂණය ද ක්‍රමයෙන් වැඩි වන බව ඔබට පෙනෙනු ඇත. ඝර්ෂණය කෙරෙහි, ස්පර්ශ පෘෂ්ඨවල රළු ස්වභාවය බලපාන බව මෙම ක්‍රියාකාරකමෙන් පැහැදිලි වේ.

දැන් සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය බලපාන්නේ දැයි සොයා බැලීමට පහත ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

කවර වර්ගඵලය සහිත පෘෂ්ඨ මේසය මත ගැටී තිබුණ ද සීමාකාරී ඝර්ෂණ බලය එකම බව ඔබට පෙනෙනු ඇත. ඉන් පැහැදිලි වන්නේ ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය ඝර්ෂණය කෙරෙහි බල නොපාන බවයි.

අපගේ මීළග ක්‍රියාකාරකම වන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියා බලය මත බලපාන ආකාරය සොයා බැලීම යි.

මෙහි දී ලැබෙන පාඨාංක එක සමාන නොවන බව ද, බර වැඩි වීම සමඟ සීමාකාරී ඝර්ෂණය ද ක්‍රමයෙන් වැඩි වන බව දැකගත හැකි වනු ඇත. වස්තුවක බර වැඩි වන විට වස්තුව මගින් මේසය මත යෙදෙන බලයට සමාන ව සහ ප්‍රතිවිරුද්ධ ව මේසයේ පෘෂ්ඨයෙන් වස්තුව මත යෙදෙන බලය (අභිලම්බ ප්‍රතික්‍රියාව) ද වැඩි වේ. පෘෂ්ඨ දෙක අතර අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වන විට සීමාකාරී ඝර්ෂණ බලය ද වැඩි වන බව මෙම ක්‍රියාකාරකමෙන් පැහැදිලි වන්නේ ය.

සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි, ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය ද අභිලම්බ ප්‍රතික්‍රියාව ද බලපාන බවත්, ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය බල නොපාන බවත් ඉහත ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වෙයි.
Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *