Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

රසායනික සමීකරණ

රසායනික සමීකරණයක් යනු, රසායනික ප්‍රතික්‍රියාවක් රසායනික සූත්‍ර භාවිතකර සංකේතානුකූලව නිරූපනය කර දැක්වීමයි.

රසායනික සමීකරණ ලියා දැක්වීමේදී වම් පසින් ප්‍රතික්‍රියක ද දකුණු පසින් ඵල ද ලියා දැක්වීම සම්මත ක්‍රමයයි. ප්‍රතික්‍රියාව සිදු වන දිශාව ඊතලයකින් පෙන්වයි. එක් ප්‍රතික්‍රියාවක් සඳහා ප්‍රතික්‍රියක කිහිපයක් මෙන් ම ඵල කිහිපයක් ද තිබිය හැකි ය.

එවැනි අවස්ථාවක ඒවා අතරට (+) ලකුණ යොදා ලිවීම සම්මත ක්‍රමයයි. තව ද ප්‍රතික්‍රියක ද්‍රව්‍ය මෙන් ම ඵල ලෙස ඇතිවන ද්‍රව්‍යය ද ලිවිය යුත්තේ ඒවායේ රසායනික සංකේත සහ සූත්‍ර භාවිත කරමිනි. නිවැරදි සමීකරණයක් ලිවීමට රසායනික සංකේත මෙන් ම රසායනික සූත්‍ර ද හොඳින් දැන සිටිය යුතු ය

යම් රසායනික ප්‍රතික්‍රියාවක් ලිවීමට වචන භාවිත කළ විට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වේ. වචන මඟින් ලියා දැක්වූ විට සංයෝගය සමන්විත වන මූලද්‍රව්‍ය පරමාණු අතර අනුපාතය නිරූපණය නොවේ. එහෙත් රසායනික සූත්‍ර මඟින් ලියා දැක්වූ විට සංයෝග යේ වූ මූලද්‍රව්‍යවල පරමාණු අනුපාතය නිශ්චිත ව දැනගැනීමට හැකිය. එවිට ප්‍රතික්‍රියාව තුලිත කළ හැකිය. තුලිත ප්‍රතික්‍රියාව දන්නේ නම් ප්‍රායෝගික ව ප්‍රතික්‍රියාව සිදු කිරීමේදී උපරිම ඵල ප්‍රමාණයක් ලබාගැනීමට එක් එක් සංයෝග හෝ මූලද්‍රව්‍ය මිශ්‍ර කළ යුතු ස්කන්ධ අනුපාත ගණනය කළ හැකි ය. ඒ නිසා රසායනික සංකේත හා සූත්‍ර භාවිතයෙන් සමීකරණ ලිවීම පහසු වනවා මෙන් ම ඇතැම් ගණනයන් සඳහා ද උපකාර වන බව පහත දැක්වෙන උදාහරණ ඇසුරින් වටහාගන්න.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *