Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ලිපිඩ (Lipids)

තෙල් හා මේද මෙම කාණ්ඩයට අයත් වේ. (ලිපිඩ, කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින විට මේදය ලෙසත්, ද්‍රව ලෙස පවතින විට තෙල් ලෙසත් හඳුන්වයි.) කාබොහයිඩ්රේටවල මෙන් ම මේදයෙහි ද අන්තර්ගත ව ඇත්තේ කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් (O) ය. නමුත් කාබොහයිඩ්රේට අණුවක මෙන් නොව ලිපිඩ අණුවක ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය සෑම විට ම 2:1ට වඩා වැඩි වේ. ලිපිඩ, ජලය ඇතුළු ධ්‍රැවීය ද්‍රාවකවල දියනොවේ. නමුත් කාබනික ද්‍රාවකවල දිය වේ. රටකජු, පොල්, තල, මාගරින් ආදිය ලිපිඩ බහුල ආහාර සඳහා උදාහරණ වේ. මේද අම්ල හා ග්ලිසරෝල් එකතු වීමේන් ලිපිඩ සෑදී ඇත.

• ලිපිඩවල වැදගත්කම

O ශක්ති ප්‍රභවයක් ලෙස
  කාබොහයිඩ්රේට හා ප්‍රෝටීන් මෙන් ම ලිපිඩ ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. මේදය දහනය කිරීමෙන් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබේ.
O විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා
  සියලු ම සෛල පටලවල එනම් ප්ලාස්ම පටලයේ ප්‍රධාන, වැදගත් සංයෝගයක්ව න්නේ ලිපිඩයි.(විශේෂයෙන් ම පොස්ෆොලිපිඩ හා   
  කොලෙස්ටරෝල්)
O ජල සංරක්‍ෂණය සඳහා
  ශාක දේහවල මතුපිට පෘෂ්ඨයේ ඇති කියුටින් නම් ඉටි නිසා ජලය පිටවීම වළක්වන බැවින් එය ජල සංරක්‍ෂණ කාර්යය ඉටුකරයි. බොහෝ  
  සත්ත්වයන්ගේ දේහාවරණයේද ඉටි අඩංගු වීම නිසා විජලනය වීම වැළකේ. එනම් ලිපිඩ ජලයට අපාරගම්‍ය වේ.
O දේහ උෂ්ණත්වය පවත්වා ගෙන යාම සඳහා
  පක්ෂීන්, ක්ෂීරපායින් ආදී අචලතාපී සත්ත්වයින්ගේ සමට යටින් ඇති අධඃචර්මීය මේද ස්තරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරයි. එය ඔවුන්ගේ   
  දේහ උෂ්ණත්වය රැක ගැනීම සඳහා උපකාරී වේ.
O අභ්‍යන්තර ඉන්ද්‍රියයවල ආරක්ෂාව සඳහා
  සත්ත්ව දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වටා ඇති මේද ස්තර මගින් ඒවාට බාහිරින් ඇතිවන කම්පන අවශෝෂණය කර ගනියි. එමගින් ආරක්ෂක 
  කෘත්‍යයක් ඉටුකරයි.
O ඇතැම් හෝර්මෝන සංශ්ලේෂණය සඳහා පෘෂ්ඨවංශීන්ගේ ඇතැම් හෝර්මෝන (ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරොන්, කෝටිසොන් ආදිය) සංශ්ලේෂණයටද 
  ලිපිඩ වැදගත් වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *