Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson 10, Topic 5
In Progress

අයනික හා සහසංයුජ සංයෝගවල ගුණ

Lesson Progress
0% Complete

සාමාන්‍ය ලුණු ද්‍රාවණය හා කොපර් සල්ෆේට් සහිත පරිපථයේ බල්බය දැල්වේ. සීනි ද්‍රාවණය හා ආසූත ජලය සහිත පරිපථයේ බල්බය නො දැල්වේ. සාමාන්‍ය ලුණු හා කොපර් සල්ෆේට් අයනික බන්ධන සහිත සංයෝග වේ. මේ අනුව අයනික බන්ධන සහිත සංයෝග ජලීය ද්‍රාවණ තුළින් විද්‍යුතය ගමන් කරයි. සීනි හා ජලය, සහසංයුජ සංයෝග වේ. ඒ තුළින් විදුලිය ගමන් නො කරයි. විලීන අවස්ථාවේ ඇති සාමාන්‍ය ලුණු තුළින් ද විද්‍යුතය ගමන් කරන බව පරීක්‍ෂණ මගින් සොයා ගෙන ඇත. අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ හා ඒවායේ විලීන ද්‍රවය විද්‍යුතය සන්නයනය වන බව මින් තහවුරු වේ. නමුත් අයනික සංයෝග ඝන අවස්ථාවේ පවතින විට එය තුළින් විදුලිය සන්නයනය නො වේ.

සංයෝග සමහරක ද්‍රවාංක සහ තාපාංක

අයනික සංයෝගවල ද්‍රවාංක සහ තාපාංක ඉහළ අගයක් ගන්නා බව 10.5 වගුව අනුව පැහැදිලි වේ. ඒවා බොහෝ විට කාමර උෂ්ණත්වයේදී පවතිනුයේ ඝන වශයෙනි. සහසංයුජ සංයෝගවල ද්‍රවාංක හා තාපාංක අඩු අගයක් ගන්නා බව ඉහත වගුව අනුව සනාථ වේ. ඒවා බොහෝ විට කාමර උෂ්ණත්වයේදී පවතින්නේ ද්‍රව හා වායු වශයෙනි.

අයනික සංයෝගවල ලක්ෂණ
0 ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන අයනවලින් (+ හා – අයන) සමන්විත වේ.
0 කාමර උෂ්ණත්වයේදී බොහොමයක් සංයෝග ඝන ස්ඵටිකරූපී දැලිය ආකාරයට පවති.
0 ඉහළ ද්‍රවාංක හා තාපාංක ඇත.
0 ඝන අවස්ථාවේ දී විද්‍යුතය සන්නයනය නොවේ.
0 ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රව (රත්කර ද්‍රව කරනු ලැබූ) තුළින් විද්‍යුතය සන්නයනය වේ.
0 බොහෝ අයනික සංයෝග ජලයේ දිය වේ.

සහසංයුජ සංයෝගවල ලක්ෂණ
0 බොහෝ විට පරමාණු කිහිපයකින් සමන්විත අණු ලෙස පවතී.
0 කාමර උෂ්ණත්වයේදී බොහෝ සහසංයුජ සංයෝග වායු හෝ ද්‍රව අවස්ථාවේ ඇත.
0 සාමාන්‍යයෙන් සහසංයුජ සංයෝගවල තාපාංක හා ද්‍රවාංක පහළ අගයක් ගනී. (එහෙත් සහසංයුජ දැලිස ආකාරවල තාපාංක හා ද්‍රවාංක ඉහළ ය.)
0 සමහර සහසංයුජ සංයෝග ජලයේ දිය වේ.
0 ඇතැම් සහසංයුජ සංයෝගවල ජලීය ද්‍රාවණ විද්‍යුතය සන්නයනය නො කරයි.

Responses

Your email address will not be published. Required fields are marked *