Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson 13, Topic 1
In Progress

ජීවීන් වර්ගීකරණය

Lesson Progress
0% Complete

පෘථිවිය මත ජීවයේ සම්භවය දැනට වසර බිලියන 3.6 කට පමණ පෙර සිදුවන්නට ඇතැයි සැලකේ. මුලින් ම සම්භවය වූ සරල ඒක සෛලික ජීවීන් ක්‍රමයෙන් පරිණාමය වී සංකීර්ණ බහු සෛලික ජීවීන් ඇති වූ බව පිළිගත් මතය යි. වර්තමානයේ පෘථිවිය මත ජීවී විශේෂ මිලියන 8.7 පමණ ජීවත් වේ යැයි සැලකේ. මෙම ජීවීන් අතර අති විශාල විවිධත්වයක් පවතී. මොවුන් යම්කිසි වර්ගීකරණයකට භාජනය කිරීම මගින් අධ්‍යයනය පහසුවන අතරම ජීවීන් සම්බන්ධ නොයෙක් කටයුතු සඳහා යොදාගැනීම ද පහසු වේ.

විවිධ ගති ලක්ෂණ පදනම් කර ගනිමින්, විවිධ ආකාරයට ජීවීන් වර්ගීකරණය කළ හැකි බව ඔබට අවබෝධ වන්නට ඇත. පොදු ගති ලක්ෂණවලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම ජීවීන් වර්ගීකරණය ලෙස හැඳින්වේ.

● ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම

ජීවීන් වර්ගීකරණය මගින් ඔබට ප්‍රයෝජන රැසක් ලබාගත හැකි ය. එම ප්‍රයෝජන මොනවාදැයි විමසා බලමු.
0 ජීවීන් පිළිබඳව පහසුවෙන් අධ්‍යයනය කළ හැකි වීම.
0 නම් කරන ලද ජීවියකුගේ සුවිශේෂ අනන්‍යතා හඳුනා ගැනීම පහසු වීම.
0 සියලු ජීවීන් අධ්‍යයනය නොකර තෝරාගත් ජීවීන් කිහිපදෙනකු අධ්‍යයනය කිරීම මගින් සමස්ත ජෛවලෝකය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වීම.
0 වෙනස් ජීවීන් කාණ්ඩ අතර සම්බන්ධතාව අනාවරණය කළ හැකි වීම.
0 මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් ඇති ජීවීන් හඳුනා ගැනීමට හැකි වීම.

● ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම

ක්‍රි.පු. 4 වන සියවසේ දී පමණ ඇරිස්ටෝටල් විසින් ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ගීකරණයක් මුල්වරට හදුන්වා දෙන ලදි. ක්‍රි.ව. 18 වන සියවසේ දී පමණ කැරොලස් ලීනියස් (Carolus Linnaeus) විසින් සාර්ථක වර්ගීකරණයක් හඳුන්වා දෙන ලදී. මිනිසා ඇතුළු පෘථිවිය මත සිටින සියලුම ජීවීන් වර්ගීකරණය කිරීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කරයි. එනම්,
0 කෘත්‍රිම වර්ගීකරණය. (Artificial classification)
0 ස්වාභාවික වර්ගීකරණය (Natural classification)

  1. කෘත්‍රිම වර්ගීකරණය – කෘත්‍රිම වර්ගීකරණයක දී ජීවීන්ගේ බාහිර ලක්ෂණ, වාසස්ථාන වැනි දේ සලකා බැලෙන අතර ජීවීන්ගේ පරිණාමික බන්ධුතා එමගින් නිරූපණය නොවේ. කෘත්‍රිම වර්ගීකරණ සඳහා නිදසුන්ථ- ශාක- විසිතුරු ශාක, ඖෂධීය ශාක හා විෂ සහිත ශාක ලෙස වර්ගකිරීම. සතුන්-පියාපත් සහිත සතුන් සහ පියාපත් රහිත සතුන් ලෙස වර්ග කිරීම. කෘත්‍රිම වර්ගීකරණයක බොහෝ දුර්වලතා ඇත. ඉහත නිදසුනෙහි පියාපත් සහිත සතුන් යන නිර්ණායකය යටතේ පක්ෂීන් සහ කෘමීන් වර්ග දෙක ම ඇතුළත් වීම. නමුත් පක්ෂීන් හා කෘමීන් පරිණාමිකව බොහෝසෙයින් එකිනෙකට වෙනස් ජීවී වර්ග දෙකකි.
  1. ස්වාභාවික වර්ගීකරණය – ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරුපණය වන ආකාරයට ඔවුන් වර්ග කිරීම ස්වාභාවික වර්ගීකරණයකදී සිදු කරයි. ස්වාභාවික වර්ගීකරණයක දී ජීවීන්ගේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක හෝ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ සලකා බලයි. ස්වාභාවික වර්ගීකරණයක පහත දැක්වෙන ලක්ෂණ ඇත.

    0 එකම විශේෂයේ ජීවීන් අතර ස්වාභාවික බන්ධුතා හෙළි කරයි.
    0 වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා පිළිබඳව පැහැදිලි කරයි.
    ස්වභවික වර්ගීකරණයක දී ජීවීන් වර්ගීකරණ ධූරාවලියකට අනුව සැකසේ. එනම් වර්ගීකරණ මට්ටම් හෙවත් තක්සෝනවලට (taxon) ජීවීන් බෙදා දැක්වීම මෙහිදී සිදුකෙරේ.

අධිරාජධානි තුනේ වර්ගීකරණය (Three Domain System of Classification)

ජීවීන් වර්ගීකරණය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ ස්වාභාවික වර්ගීකරණ පද්ධතියකි. ඉතිහාසයේ සිට වර්තමානය දක්වා විවිධ විද්‍යාඥයින් විසින් වර්ගීකරණ ක්‍රම ඉදිරිපත් කර ඇත. රොබට් විටේකර් (Robert Wittaker, 1969) විසින් ඉදිරිපත් කරන ලද රාජධානි පහේ වර්ගීකරණය අදත් පිළිගැනේ. පසුව කාල් වූස් (Carl woese) විසින් 1990 දී රාජධානිවලට ඉහළින් ඇති මට්ටමක් ලෙස අධිරාජධානිය හඳුන්වා දී අධිරාජධානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් කරන ලදි.

  • අධිරාජධානි තුන පහත දැක්වෙන පරිදි වේ.
  1. ආකියා අධිරාජධානිය (Domain Archaea)
  2. බැක්ටීරියා අධිරාජධානිය (Domain Bacteria)
  3. ඉයුකැරියා අධිරාජධානිය (Domain Eukarya)
  1. ආකියා අධිරාජධානිය (Domain Archaea)

මෙම අධිරාජධානියට අයත් ජීවීන් ප්‍රාග් න්‍යෂ්ටික (සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති) ජීවීන් ය. මොවුහු ගිනිකඳු, කාන්තාර, හිමකඳු, උණුදිය උල්පත්, සාගර පතුල, ලවණබිම් වැනි ආන්තික පරිසරවල (extreme environments) ජීවත් වීමේ හැකියාව ඇති ජීවීන් ය. බොහෝ ප්‍රතිජීවකවලට සංවේදී නැති බැවින් ප්‍රතිජීවකවලින් විනාශ කළ නොහැකි ය.
E.g. – Methanogens, Halophiles

2. බැක්ටීරියා අධිරාජධානිය (Domain Bacteria)

මෙම අධිරාජධානියට අයත් ජීවීන්, ප්‍රාග් න්‍යෂ්ටික (සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති) සෛලවලින් සමන්විත ජීවීන් ය. මොවුන් ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකි ය. ඇතැම් විට ව්‍යාධි ජනකයින් ලෙස ක්‍රියා කරන ජීවීන් වේ. මොවුන් පෘථිවියේ සෑම පරිසරයක ම දැකිය හැකි බහුල කාණ්ඩය වේ. බැක්ටීරියා, සයනොබැක්ටීරියා (නීල හරිත ඇල්ගී) වැනි ජීවීහු මෙයට අයත් වෙත

බැක්ටීරියා මිනිසාට අහිතකර මෙන් ම ප්‍රයෝජනවත් වන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
0 බැක්ටීරියා විසින් මිනිසාට මෙන් ම වෙනත් ජීවීන්ට ද විවිධ රෝග ඇති කරයි.
නිදසුන් : – ක්ෂයරෝගය, නියුමෝනියාව, කොළරාව, පිටගැස්ම, ලාදුරු
0 ආහාර නරක් කිරීම.
0 මුදවාපු කිරි යෝගට් හා කේජු (චීස්) නිෂ්පාදනය කිරීමේ දී වැදගත් වේ.
0 පොල් ලෙලි හා හණ පත්‍රවලින් කෙඳි ලබාගැනීම හා සම් පදම් කිරීම සඳහා වැදගත් වේ.
0 වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම නිසා පසේ නයිටේ්‍රට ප්‍රමාණය වැඩි වේ.

3. ඉයුකැරියා අධිරාජධානිය (Domain Eukarya)

මෙම අධිරාජධානියට අයත් ජීවීන් සූ න්‍යෂ්ටික (සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇති) සෛලවලින් සමන්විත පාථීවිය මත දැනට වෙසෙන ප්‍රමුඛ ජීවීන් වේ. මොවුන් විවිධ පරිසර තත්ත්ව යටතේ ජීවත් වීමේ හැකියාව ඇති, ප්‍රතිජීවකවලට සංවේදී නැති ජීවීන් ය. එනම් ප්‍රතිජීවක මගින් විනාශ කළ නොහැකි ය. ඉයුකැරියා අධිරාජධානියට අයත් රාජධානි හතරකි.

  • ප්‍රොටිස්ටා රාජධානිය (Kingdom Protista)
  • ෆන්ගයි රාජධානිය (Kingdom Fungi)
  • ප්ලාන්ටේ රාජධානිය (Kingdom Plantae)
  • ඇනිමාලියා රාජධානිය (Kingdom Animalia)
  1. ප්‍රොටිස්ටා රාජධානිය (Kingdom Protista)

    ප්‍රොටිස්ටා රාජධානියට අයත් ජීවීන් සූ න්‍යෂ්ටික (සංවිධානය වූ න්‍යෂ්ටියක් දරන) සෛලවලින් සමන්විත වේ. මොවුහු ඒක සෛලික හෝ විශේෂණය වූ පටක නොමැති බහුසෛලික ජීවීන් වෙති. මොවුන් ජලය සහිත ඕනෑම පරිසරයක ජීවත් වන අතර බොහොමයක් ප්‍රභාසංස්ලේෂක වේ. ඇතැම් විශේෂ විෂමපෝෂී වේ. ඇල්ගී, ප්‍රොටොසෝවා වැනි ජීවීහු මෙම රාජධානියට අයත් වෙති.

ප්‍රොටිස්ටාවන් මිනිසාට ප්‍රයෝජනවත් මෙන් ම අහිතකර වන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

0. ජලජ පරිසරවල ආහාරදාමවල ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස ක්‍රියාකිරීම.
0. දිලීර සමග ඇල්ගී එකතු වී සාදන සහජීවී සංගමයක් වන ලයිකන සෑදීමට දායක වීම.
0. බැක්ටීරියා රෝපණයට ගන්නා මාධ්‍ය සාදන ඒගාර් නිෂ්පාදනය කිරීම.
0. අයිස්ක්‍රීම් නිෂ්පාදනයේ දී යොදාගන්නා ඇල්ජිනික් අම්ලය ලබාගැනීම
0. ඇතැම් ප්‍රොටොසෝවාවන් මගින් මිනිසාට දරුණු රෝග ඇතිවීම.
උදා:- ඇමීබා අතීසාරය, මැලේරියාව, නිද්‍රා උණ

2. ෆන්ගයි රාජධානිය (Kingdom Fungi)

කයිටින් සහිත සෛල බිත්ති දරන සූ න්‍යෂ්ටික (සංවිධානය වූ න්‍යෂ්ටියක් දරන) සෛලවලින් සමන්විත ඒකසෛලික හෝ බහුසෛලික දිලීරවලින් සමන්විත රාජධානිය යි. ෆන්ගයි විශේෂ මිලියන 1.5 සිට මිලියන 5 අතර සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. ඉතා කුඩා ව්‍යුහ දරයි. මෙම ජීවීහු කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම සඳහා විශේෂ දායකත්වයක් දක්වති. එසේම වෙනත් ජීවීන් සමග සහජීවී සංගම් සාදති.

දිලීර මිනිසාට වැදගත් වන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
0. ප්‍රෝටීන් පරිපුරක ආහාරයක් ලෙස යොදා ගනී. (නිදසුන්:- Agaricus හතු)
0. පාන් සහ මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලියට යොදාගනී. (නිදසුන්:- yeast)
0. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට යොදා ගනී. (නිදසුන්:-Penicillium මගින් පෙනිසිලීන් නිපදවීම)
0. සතුන් හා ශාකවලට රෝග සාදයි. (නිදසුන් :- Candida විසින් අලුහම් සෑදීම, Phytopthora විසින් අර්තාපල් අංගමාරය සෑදීම)

3. ප්ලාන්ටේ රාජධානිය (Kingdom Plantae)

ශාක ලෙස හඳුන්වන බහුසෛලික ජීවීන්ගෙන් සමන්විත රාජධානිය යි. ශාක විශේෂ 287,000 පමණ සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. ශාක සෛල සෙලියුලෝස්වලින් සමන්විත බිත්ති දරයි. මේවා කොළ පැහැයෙන් දිස් වේ. ඊට හේතුව සෛලවල ඇති හරිතලව තුළ වූ හරිතප්‍රද (ක්ලෝරෝෆීල්) වර්ණකය යි. එමගින් සූර්ය ශක්තිය අවශෝෂණය කර ආහාර නිෂ්පාදනය හෙවත් ප්‍රභාසංස්ලේෂණය සිදු කරයි.

ලිංගික ප්‍රජනන ක්‍රම හා අලිංගික ප්‍රජනනය මගින් තම වර්ගයා බෝ කරයි. ප්ලාන්ටේ රාජධානිය පුෂ්ප හට ගැනීම හෝ නොගැනීම යන්න පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළ හැකි ය.
0. අපුෂ්ප ශාක
0.සපුෂ්ප ශාක

  • අපුෂ්ප ශාක – පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හැඳින්වේ. අපුෂ්ප ශාක බීජ හට ගැනීමහෝ නොගැනීම පදනම් කරගෙන නැවත කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ය.
    (1) බීජ හට නොගන්නා අපුෂ්ප ශාක.
    (2) බීජ හට ගන්නා අපුෂ්ප ශාක
  • බීජ හට නොගන්නා අපුෂ්ප ශාක – පුෂ්ප හට නොගන්නා මෙන්ම බීජ හට නොගන්නා ශාක වේ.

    E.g. – Marchantia, Pogonatum, Selaginella, Nephrolepis, Salvinia, Acrosticum, Drynaria

බීජ හට නොගන්නා අපුෂ්ප ශාකවල ලක්ෂණ පහත දැක්වේ.

  • බීජ හට ගන්නා අපුෂ්ප ශාක

බීජ හට ගන්නා අපුෂ්ප ශාකවල බීජ, ඵලයකින් ආවරණය වී නැත. බීජ පරිසරයට විවෘතව ඇත. මේ නිසා මේවා විවෘත බීජක ශාක (Gymnosperms) ලෙස ද හැඳින්වේ.
නිදසුන් :- මඩු (Cycas), පයිනස් (Pinus)

බීජ හට ගන්නා අපුෂ්ප ශාකවල ලක්ෂණ පහත දැක්වේ.

  • සපුෂ්ප ශාක

පුෂ්ප හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හැඳින්වේ. සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනක ව්‍යුහය පුෂ්පය වේ. පුෂ්ප තුළ බීජ හට ගනී. බීජ සෑම විට ම ඵලයක් මගින් ආවරණය වී පවතින නිසා ආවෘත බීජක ශාක :්බටසදිචැරපි* ලෙස ද හැඳින්වේ. මෙම ශාක භෞමික පරිසරයට ඉතා හොඳින් හැඩගැසී ඇති අතර ජල සංරක්ෂණය සඳහා අනුවර්තන පෙන්වයි. බීජයේ අඩංගු බීජ පත්‍ර සංඛ්‍යාව අනුව සපුෂ්ප ශාක නැවත කාණ්ඩ දෙකකට බෙදිය හැක.

(1) ඒක බීජ පත්‍රී ශාක
(2) ද්වී බීජ පත්‍රී ශාක

ඒක බීජපත්‍රී හා ද්වි බීජ පත්‍රී ශාකවල ලක්ෂණ සන්සන්දනාත්මකව 13.4 වගුවේ දැක්වේ

  1. ඇනිමාලියා රාජධානිය (Kingdom Animalia)

    සතුන් ලෙස හඳුන්වන බහුසෛලික ජීවීන්ගෙන් සමන්විත රාජධානිය යි. සත්ත්ව ලෝකයේ විශේෂ 1,260,000 පමණ සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. ආහාර නිපදවීමේ හැකියාවක් නැති බැවින් සතුන් විෂමපෝෂීන් වේ. ඇනිමාලියා රාජධානියට අයත් සතුන් කොඳුඇට පෙළ (කශේරුව) දැරීම හෝ නොදැරීම යන්න පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කර ඇත.

    (1) අපෘෂ්ඨවංශීන් (Invertebrates)
    (2) පෘෂ්ඨවංශීන් (Vertebrates)

● අපෘෂ්ඨවංශීන් (Invertebrates)

කොඳුඇට පෙළක් (කශේරුවක්) නැති සතුන් අපෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වේ. අපෘෂ්ඨවංශීන් ඔවුන්ගේ ලක්ෂණ පදනම් කරගෙන නැවත වංශවලට බෙදා වෙන් කර ඇත. එම ප්‍රධාන වංශ පහත දැක්වේ.
(1) නිඩාරියා (Cnidaria) / සීලන්ටරේටා (Coelenterata)
(2) ඇනෙලීඩා (Annelida)
(3) මොලුස්කා (Mollusca)
(4) ආත්‍රොපෝඩා (Arthropoda)
(5) එකයිනොඩර්මේටා (Echinodermata)

නිඩාරියා (Cnidaria) / සිලෙන්ටරේටා (Coelenterata)

ද්විප්‍රස්තරයින් වන හයිඩ්‍රා, මුහුදු මල, ජෙලි මසුන් වැනි සතුන් අයත් වන වංශය යි.

ඇනෙලිඩා (Annelida)
සීලෝමය නැමති දේහ කුහරය මුලින් ම විකසනය වූ සත්ත්ව වංශය යි. සඛණ්ඩ පණුවන් වන ගැඩවිලා, කූඩැල්ලා, පත්තෑපණුවා :භැරුසි* වැනි සතුන් මෙම වංශයට අයත් වේ.

● මොලුස්කා (Mollusca)
මෘදු දේහ දරන ත්‍රිපස්තරික සතුන් අයත් වන වංශය යි. ගොලුබෙල්ලා, දෙපියන් බෙල්ලා, අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා වැනි සතුන් මෙම වංශයට අයත් වේ.

● ආත්‍රොපෝඩා (Arthropoda)
ඇනිමාලියා රාජධානියේ වැඩිම ජීවී විශේෂ සංඛ්‍යාවක් අයත් වංශය වේ. සත්ත්ව විශේෂ අතරින් 75්‍ර පමණ මෙම කාණ්ඩයට අයත් වේ. ආත්‍රොපෝඩා වංශයේ වැඩිම ජීවීන් සංඛ්‍යාවක් අයත් වන වර්ගය කෘමීන් වේ. ජීවී විශේෂ 950,000 පමණ ඊට අයත් වේ. සන්ධිපාදිකයන් වන සමනලයා, මී මැස්සා, පළඟැටියා මදුරුවා ආදී කෘමීන් ද මකුළුවා, ගෝනුස්සා, හැකරැල්ලා, පත්තෑයා, ඉස්සා, කකුළුවා, බෙලි ඇනයා වැනි සතුන් ද මෙම වංශයට අයත් වේ.

එකයිනොඩර්මේටා (Echinodermata)
කෝඩේටා වංශයට පරිණාමික බන්ධුතා පෙන්වන සත්ත්ව වංශය යි. පසැඟිල්ලා, භංගුර පසැඟිල්ලා, ඉකිරියා, මුහුදු කැකිරි සහ මුහුදු ලිලි වැනි සතුන් අයත් වේ.

පෘෂ්ඨවංශීන් (Vertebrates)
කොඳුඇට පෙළක් (කශේරුවක්) දරන සතුන් පෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වේ. ඔවුන් ජීවන චක්‍රයේ කිසියම් අවධියක පහත රූපයේ (13.26) දැක්වෙන පොදු ලක්ෂණ පෙන්නුම් කරයි. ඔවුන්ගේ ව්‍යුහමය ලක්ෂණ පදනම් කර ගෙන නැවත කාණ්ඩ

පිස්කේස් (Pisces)
ජලයේ ජීවත් වීමට හොඳින් අනුවර්තනය වී ඇති මත්ස්‍යයින් අයත් වන කාණ්ඩය යි. මොවුහු කරදිය, මිරිදිය සහිත ජලජ පරිසරවල වාසය කරති.

මත්ස්‍යයින් පොදුවේ සැලකූ විට දැකිය හැකි ලක්ෂණ පහත දැක්වේ.
0 අස්ථිමය හෝ කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි.
0 ජලයේ ගමන් කිරීමට පහසු වන ලෙස දේහය අනාකූල (තර්කුරූපී) හැඩැති වේ
0 දේහය කොරපොතුවලින් ආවරණය වී ඇත.
0 පිහිනීම සඳහාත්, සංතුලනය සඳහාත් වරල් දරයි.
0 ජලයේ කම්පන හඳුනාගත හැකි අංශ රේඛා පද්ධතියක් ඇත.
0 හෘදය කුටීර දෙකකි. තනි කර්ණිකාවක් හා කෝෂිකාවක් ඇත.
0 ශ්වසනය ජලක්ලෝම (කරමල්) මගින් සිදු කරයි.
0 චලතාපී සතුන් ය. (පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් වේ)
0 ඇසිපිය නොමැති ඇස් ඇත.

ඇම්ෆිබියා (Amphibia)
භෞමික හා ජලජ යන පරිසර දෙකෙහි ම ජීවත් වීමේ හැකියාව ඇති උභයජීවීන් අයත්වන වර්ගය යි. ජෛව පරිණාමයේ දී මුලින්ම ගොඩබිම ආක්‍රමණය කළ ජීවී ආකාරය වනුයේ උභයජීවීන් ය. ගෙම්බා, මැඩියා, සලමන්දරා, නූට්ටා, පණු ගෙම්බා වැනි සතුන් උභයජීවීන්ට අයත් වේ.

උභයජීවීන් පහත දැක්වෙන ලක්ෂණ දරයි.
0 ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට ජලය අත්‍යවශ්‍ය වේ. (ජීවන චක්‍රයේ ජලජ අවධියක් ඇත)
0 රූපාන්තරණයක් සහිත ය.
0 මොවුන් ග්‍රන්ථි සහිත තුනී සෙවලමය සමක් දරයි. සමෙහි කොරපොතු නොපිහිටයි.
0 සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි.
0 හෘදය කුටීර 3 කි. කර්ණිකා දෙකක් හා තනි කෝෂිකාවක් ඇත.
0 ශ්වසනය පෙනහලු හෝ තෙත සම හෝ මුඛය මගින් සිදුකරයි.
0 උභයජීවීන් චලතාපී සතුන් ය.

● රෙප්ටීලියා (Reptilia)
භෞමික (ගොඩබිම) පරිසරයට ඉතා හොදින් අනුවර්තනය වූ උරගයින් අයත් වනුයේ මෙම වර්ගයට යි. මොවුහු භෞමික, මිරිදිය හා කරදිය යන පරිසරවල වාසය කරති. ඉබ්බා, කැස්බෑවා, සර්පයින්, කටුස්සා, කබරගොයා, තලගොයා, කිඹුලා වැනි සතුන් උරගයින්ට අයත් වේ.

උරගයින් පහත දැක්වෙන ලක්ෂණ දරයි.
0 ග්‍රන්ථිවලින් තොර වියළි සමක් දරයි. සම කොරල සහිත යි.
0 සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි.
0 කර්ණිකා දෙකක් හා අසම්පූර්ණ ලෙස බෙදුනු කෝෂිකාවක් සහිත හෘදයක් ඇත.
0 ශ්වසනය පෙනහලු මගින් සිදු කරයි.
0 චලතාපී සතුන් ය.
0 අභ්‍යන්තර සංසේචනය සිදු කරයි.

● ආවේස් (Aves)
පියාසර කිරීම සඳහා ඉතා හොඳින් අනුවර්තනය වූ පක්ෂීන් අයත්වන වර්ගය මෙයයි. පැස්බරා (විශාලම පක්ෂියා), ගුමන කුරුල්ලා (කුඩාම පක්ෂියා), වලි කුකුළා, කැහිබෙල්ලා, කිවි, තාරාවා, හංසයා, බකමූණා, ගිරවා සහ පෙන්ගුවින් වැනි සතුන් නිදසුන් ලෙස දැක්විය හැකි ය.

පක්ෂීන් පහත දැක්වෙන ලක්ෂණ දරයි.
0 ඉතා සැහැල්ලු අස්ථිමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි.
0 වාතයේ ගමන් කිරීම පහසු වන පරිදි දේහය අනාකූල හැඩයක් ගනී.
0 පිහාටුවලින් ආවරණය වූ සමක් දරයි. කොරල තිබුණ ද ඒවා අපර ගාත්‍රාවලට සීමා වී ඇත.
0 සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි. පූර්ව ගාත්‍රා පියාපත් බවට පත්වී ඇත.
0 ඇසිපිය සහිත, තියුණු දෘෂ්ටියක් ඇති ඇස් දරයි.
0 මුඛයේ දත් නොපිහිටයි. භෝජන රටාව අනුව සැකසුන ‘හොටයක්’ සහිත ය.
0 හෘදය කුටීර 4 කි. කර්ණිකා දෙකක් හා කෝෂිකා දෙකක් ඇත.
0 අචලතාපී සතුන් ය. (පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් නොවේ)

● මැමේලියා (Mammalia)
කිරි දී පැටවුන් පෝෂණය කරන සතුන් අයත් වනුයේ මෙම වර්ගයට යි. මිනිසා ඇතු`ඵ මීයා, උණහපුලුවා, වඳුරා, ඔරංඔටන්, ගෝරිල්ලා, විම්පන්සියා, වවුලා, තල්මසා, ඩොල්පින්, ගෝනා, මුවා, මී ගවයා වැනි ක්ෂීරපායි සතුන් මෙම වර්ගයට අයත් වේ.

ක්ෂීරපායින් පහත දැක්වෙන ලක්ෂණ දරයි.
0 රෝමවලින් ආවරණය වූ සමක් දරයි. සමේ කූප තුළ රෝම ගිලී පවතී.
0 ස්තන ග්‍රන්ථි (කිරි නිපදවයි), සමෙහි ශ්වේද ග්‍රන්ථි (දහඩිය නිපදවයි) සහ ස්නේහස්‍රාවී ග්‍රන්ථි (සීබම් නිපදවයි) පිහිටයි.
0 බාහිර කන්පෙති දරයි.
0 හෘදය කුටීර 4 කි. එනම් කර්ණිකා දෙකක් හා කෝෂිකා දෙකක් ඇත.
0 සම්පූර්ණ ද්විත්ව සංසරණයක් සිදු වේ.
0 න්‍යෂ්ටි රහිත ද්වී අවතල හැඩැති රතු රුධිරාණු දරයි.
0 අචලතාපී සතුන් ය.
0 දේහයෙන් බාහිරව වෘෂණ කෝෂ පිහිටයි.
0 අභ්‍යන්තර සංසේචනය සිදු වේ.
0 කලල පටල විකසනය සිදු වේ. කලල බන්ධයක් සහිත ය.

Responses

Your email address will not be published. Required fields are marked *