Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson 14, Topic 4
In Progress

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

Lesson Progress
0% Complete

ප්‍රධාන වශයෙන් ලිංගික සම්බන්ධතාවයක් නිසාත් ලිංගික ස්‍රාවයන් ලිංගික අවයවවල තැවරීම නිසාත් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි රෝග ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස හැඳින්වේ. රෝගියකුගේ රුධිරය නිරෝගී අයකුගේ ශරීරගත වීමෙන් ද මෙම රෝග තවත් අයකුට ආසාදනය වේ. මෙවැනි රෝගවල රෝග ලක්ෂණ බොහෝවිට ලිංගික අවයවවල හටගනී. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග 20ක් පමණ දැනට හඳුනාගෙන ඇති අතර ඒ අතරින් ලෝකයේ සුලභව දැකිය හැකි රෝග කිහිපයක් පිළිබඳව විමසා බලමු.

(1) ගොනෝරියා (සුදු බිංදුම)
Neisseria gonorrhoeae නැමැති බැක්ටීරියාව මගින් රෝගය බෝ කරයි. ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ස්‍රාවයන් පිටවීම, අධික දැවිල්ල, මුත්‍රා අඩස්සිය යන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඖෂධීය ප්‍රතිකාර ඇති අතර නිසි ප්‍රතිකාර නොකිරීමෙන් අන්ධවීම, කොරවීම වැනි තත්ත්ව ඇති වේ.

(2) සිපිලිස් (උපදංශය)
Treponema pallidum නැමැති බැක්ටීරියාව මගින් රෝගය බෝ කරයි. රෝග කාරක දේහ ගත වී මාස තුනකට පසු ලිංගේන්ද්‍රියේ වේදනා රහිත බිබිලි ඇති වේ. මේවා ඉබේ ම සුව වේ. මාස හයකට පමණ පසු උණ හා උගුරේ වේදනාව ඇති වේ. පසුව ඉබේම සුව වේ. මුල් අවධියේ දී රෝගය හඳුනාගෙන නිසි ඖෂධීය ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ හැකි ය. රෝගකාරකයට අවුරුදු කිහිපයක් රුධිරයේ අක්‍රීය ලෙස ජීවත් විය හැකි ය. එම කාලය තුළ රුධිරය ඔස්සේ ශරීරයේ අනෙකුත් අවයවවලට රෝගය ව්‍යාප්ත විය හැකි ය.

(3) හර්පීස්
Herpes simplex නැමැති වෛරසය මගින් රෝගය බෝ කරයි. ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව අධික වේදනාකාරී බිබිලි ඇති වීම මෙම රෝගයේ ලක්ෂණ වේ. ස්නායු පද්ධතිය අඩපණ කරයි. එසේම ස්නායු පද්ධතිය තුළ නිදන්ගත වේ. නැවත නැවත මතුවේ. මාරාන්තික නොවූව ද ස්ථිර ප්‍රතිකාර නොමැත.

(4) AIDS (Acquired Immune Deficiency Syndrome)
මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV/Human immunodeficiency virus) මගින් රෝගය බෝ කරයි. දේහ ගත වී වසර දෙකත් පහළොවත් අතර රෝග ලක්ෂණ මතු වේ. මාරාන්තික විය හැකි ය. සුවකළ නොහැකි ය. වාහකයින්ගෙන් ප්‍රවේශම් විය යුතු ය. ලිංගික ස්‍රාවයන් හෝ රුධිරය මගින් මෙම වෛරසය සම්ප්‍රේෂණය වන බැවින් එවැනි අවදානම් අවස්ථාවලින් වැළකිය යුතු වේ. ලිංගික චර්යා සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීම මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීම කළ හැකි වේ.

Responses

Your email address will not be published. Required fields are marked *