Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson Progress
0% Complete

නළයක් තුළින් ගලන ජල ධාරාවක් පාලනය කිරීම සඳහා ජල කරාමයක් යෙදීම සිදු කළ හැකි ය. එහි දී සිදු කරනුයේ ජල පහරට බාධාවක් ඇති කිරීමෙන් ජල ධාරාව පාලනය කර ගැනීම යි. මේ ආකාරයට ම සන්නායකයක් තුළින් ගලන විදුලි ධාරාව ද, පාලනය කර ගත හැකි ය. ඒ සඳහා කළ යුත්තේ කුමක් දැයි දැනටමත් ඔබට අවබෝධ වන්නට ඇත. පරිපථයක ප්‍රතිරෝධය වැඩි කිරීමෙන් ඒ තුළින් ගලන ධාරාව අඩු කළ හැකි ය. ඕම් ගේ නියමයට අනුව V = IR. V නියත අගයක තබා ගෙන R වැඩිකළ හොත් I අඩුවේ. පරිපථයක ප්‍රතිරෝධය වැඩි කර ගැනීම සඳහා ඊට සම්බන්ධ කිීරීමට හැකි විවිධ ප්‍රතිරෝධී අගයන්ගෙන් යුත් උපාංග නිපදවා ඇත. මේවා ප්‍රතිරෝධක (resistors) ලෙස හැඳින්වේ.

පරිපථයක ප්‍රතිරෝධය වැඩි වන විට ඒ තුළින් ගලන ධාරාව අඩු වන බව මෙයින් පැහැදිලි වේ.

ප්‍රතිරෝධක වර්ග
විවිධ කාර්යන් සඳහා යොදා ගත හැකි ප්‍රතිරෝධක වර්ග විවිධ ප්‍රතිරෝධී අගය සහිතව
නිපදවා ඇත. ඉන් ප්‍රතිරෝධක වර්ග කිහිපයක් පිළිබඳව සලකා බලමු.

  1. ස්ථීර ප්‍රතිරෝධක
  2. විචල්‍ය ප්‍රතිරෝධක
  3. ආලෝක සංවේදී ප්‍රතිරෝධක

    ● ස්ථීර ප්‍රතිරෝධක
    පරිවාරක ද්‍රව්‍යයක් මත තුනී කාබන් පටල තැන්පත් කිරීමෙන් හෝ නික්‍රෝම් කම්බි වැනි ප්‍රතිරෝධකතාව ඉහළ ද්‍රව්‍ය එතීමෙන් විවිධ අගයන්ගෙන් යුත් ස්ථිර ප්‍රතිරෝධක නිපදවනු ලැබේ. මේවායේ අගය වෙනස් කළ නොහැකි ය.
    උදා:- 10 Ω, 100 Ω, 1.2 න Ω අගයන්ගෙන් යුතු ස්ථීර ප්‍රතිරෝධක

19.23 රූපයේ විවිධ ස්ථිර ප්‍රතිරෝධක කිහිපයක් ද, 19.24 රූපයේ ස්ථිර ප්‍රතිරෝධක සඳහා භාවිත වන පරිපථ සංකේත කිහිපයක් ද දක්වා ඇත

● ප්‍රතිරෝධක වර්ණ කේත ක්‍රමය
ස්ථීර ප්‍රතිරෝධකවල අගය බොහෝ විට සටහන් කරනුයේ එහි බඳෙහි සලකුණු කර ඇති වර්ණ වළලු මගිනි. වර්ණ වළලු මගින් අගය සටහන් කිරීමේ ක්‍රමය වර්ණ කේත ක්‍රමය ලෙස හැඳින්වේ.

(i) වර්ණ පටි හතරකින් යුතු ප්‍රතිරෝධක
මෙම ක්‍රමයේ දී 19.25 රූපයේ පෙන්වා ඇති ආකාරයට ප්‍රතිරෝධකය මත වර්ණ පටි හතරක් යොදා ඇත. ඉන් වර්ණ පටි තුනක් එකිනෙකට සමීප ව පිහිටා ඇති අතර අනෙක තරමක් දුරින් පිහිටයි. 19.26 රූපයෙහි දැක්වෙන පරිදි සමීප ව පිහිටි වර්ණ පටි තුනක් සහිත පැත්ත වම් පසට පිහිටන ලෙස තැබූ විට, වම් පැත්තේ සිට පළමු වර්ණ දෙකෙන් ප්‍රතිරෝධකයේ අගයේ පළමු හා දෙවන ඉලක්කම් දෙක දෙනු ලැබේ.

එක් එක් වර්ණයට අදාළ අගය 19.1 වගුවෙහි දැක්වේ. තුන්වන වර්ණ පටියට අදාළ අගයෙන් පළමු වර්ණ පටි දෙක මගින් දක්වන සංඛ්‍යාව ගුණ කළ යුතු දහයේ පාදයේ දර්ශකය ලැබේ. මෙම දර්ශකයේ අගය 19.1 වගුවෙහි පළමු තීරුවේ දැක්වෙන අංකයේ අගයට සමාන වේ. මෙයට අමතරව රන් සහ රිදී වර්ණයන් සඳහා දර්ශකයේ අගය පිළිවෙළින් -1 සහ -2 වේ. එනම් දශම අගයන්ගෙන් යුත් ප්‍රතිරෝධී අගයන් දැක්වීමට රන් හෝ රිදී වර්ණ භාවිත කෙරෙයි. දකුණු පස වෙනම පිහිටි වර්ණ පටිය මගින් අගයන් වෙනස් විය හැකි පරාසය එනම්, සහන අගය දැක්වෙයි. ප්‍රතිරෝධක සහන අගයේ වර්ණ කේත 19.2 වගුවේ දැක්වේ.

● විචල්‍ය ප්‍රතිරෝධක
අවශ්‍ය පරිදි අගය වෙනස් කරගත හැකි ලෙස සකසා ඇති ප්‍රතිරෝධක විචල්‍ය ප්‍රතිරෝධක :ඩ්රස්ඉකැ රුිසිඑදරි* නමින් හැඳින්වේ. විචල්‍ය ප්‍රතිරෝධක අතින් හෝ නියනක් භාවිතයෙන් හෝ කැරකැවීමෙන් නැතහොත් සීරු මාරු කිරීමෙන් අගය වෙනස් කළ හැකි ය. පෙර සැකසුම් ප්‍රතිරෝධක, ධාරා නියාමක සහ හඬ පාලක ආදි ලෙස විචල්‍ය ප්‍රතිරෝධක වර්ග කිහිපයක් වේ.
19.27 (a) රූපයේ විචල්‍ය ප්‍රතිරෝධක කිහිපයක් ද, 19.27 (b) රූපයේ විචල්‍ය ප්‍රතිරෝධක සඳහා භාවිත වන සංකේත ද දක්වා ඇත.

විචල්‍ය ප්‍රතිරෝධක, ගුවන් විදුලි යන්ත්‍රවල හඬ පාලනය කිරීම, විවිධ ඉලෙක්ට්‍රෝනික පරිපථවල සීරුමාරු කිරීම සහ විද්‍යාගාර පරීක්ෂණවල දී ධාරාව වෙනස් කිරීම වැනි අවස්ථාවල දී භාවිත කෙරෙයි.

● ආලෝක සංවේදී ප්‍රතිරෝධක
කැඩ්මියම් සල්ෆයිඩ් වැනි විශේෂ රසායන ද්‍රව්‍ය භාවිත කර ආලෝක සංවේදී ප්‍රතිරෝධක (Light Dependent Resistors – LDR) සකස් කර ඇත. ඒ මතට වැටෙන ආලෝකයේ තිව්රතාව අනුව එහි ප්‍රතිරෝධය වෙනස්වීම සිදු වේ. ආලෝකය අඩු වන විට එනම් අඳුරේ දී, මෙම ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධය වැඩි වේ. ආලෝකය ඇති විට මෙම ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධය අඩු වේ. ආලෝක මට්ටම අනුව ක්‍රියාත්මක විය යුතු උපකරණ පාලනය කරන පරිපථ සඳහා මෙම ප්‍රතිරෝධක යොදා ගැනෙයි.

Responses

Your email address will not be published. Required fields are marked *