Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson Progress
0% Complete

බහු සෛලික ශාක සහ සත්ත්වයින්ගේ ජීවිත ඇරඹෙන්නේ තනි සෛලයක් ලෙසිනි. (යුක්තාණූව) එම සෛලය විභාජනය වීමෙන් යම් කෘත්‍යයක් සඳහා විශේෂණය වූ පටක ඇති වේ. මානව ලිංගික ප්‍රජනනයේ ප්‍රතිඵලයක් ලෙස සෑදෙන යුක්තාණුව ගර්භාෂය තුළ දී කලලයක් බවට විකසනය වී පසුව ජනිතයකු බවට පත් වේ.මෙම ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම, ජීවියකුගේ වර්ධනය හා විකසනය පිළිබඳ අවබෝධ කර ගැනීමට ඔබට ප්‍රයෝජනවත් වේ. ප්‍රධාන වශයෙන් ම බහු සෛලීය ජීවියකුගේ වර්ධනයට දායක වන්නේ සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩිවීමයි.ඒක සෛලික ජීවියකු ගේ වර්ධනය ලෙස හඳුන්වන්නේ සෛලයේ ප්‍රමාණය සහ පරිමාව වැඩිවීමයි.(පැරමීසියම්, යීස්ට්, ක්ලැමිඩොමොනාස් වැනි ඒක සෛලික ජීවින්) සෛල වර්ධනය යනු ජීවී සෛලයක ප්‍රත්‍යාවර්ත නොවන වියළි බරෙහි වැඩි වීමයි. විකසනය ලෙස හඳුන්වන්නේ සෛල සංකිර්ණභාවයෙන් ඉහළ යාමයි. මේ අනුව වර්ධනය හා විකසනය ප්‍රධාන පියවර තුනකින් දැක්විය හැකි ය.

  1. ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණයෙන් විශාල වීම.
  2. සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩි වීම
  3. සෛල විශේෂණය වීම.

    ශාක වර්ධනය පෙන්වීමට වෘද්ධිමානය නම් උපකරණය භාවිත කෙරේ.

8.12 රූපයේ දක්වා ඇති ඇටවුමේ ආකාරයට පෝච්චියක සිටවූ පැළයක් ගෙන එහි අග්‍රස්ථයට තන්තුවක් සම්බන්ධ කර එය කප්පියක් හරහා යවා එහි කෙළවර බරක් එල්ලනු ලැබේ. පැළය ඉතා සෙමින් වර්ධනය වන නමුත් කප්පියට සම්බන්ධ කර ඇති දර්ශකය මගින් එම වර්ධන ප්‍රමාණය විශාල පරිමාණයකින් දක්වයි.

දිරාපත් වන කුණු ගොඩක තිබෙන සුදුපාට නූල් වැනි දෑ පරීක්ෂා කර බලන්න. ඒ දිලීරයක වර්ධක කොටසයි. පසුකාලීන ව හතු බවට පත්වන්නේ මෙහි ලිංගික ප්‍රජනනයට සෑදෙන උපාංගයි. පොල් ගසක කඳක ලයිකන, තාප්පයක එල්ලී වැඩෙන විවිධ ආකාර පර්ණාංග ශාක, උඩවැඩියා වර්ග, මිදුලේ මිරිස් ගසක, පැපොල් අත්තක සිටින සුදු පාට පිටි මකුණන්, ළපටි කතුරුමුරුංගා පත්‍ර මත තිබෙන ඉතා සියුම් සුදු පාට බිත්තර, වැනි දෑ පරීක්ෂා කර බලන ඔබට ජීවී අජීවී බව මනාව පැහැදිලි වනු ඇත. සමහර ද්‍රව්‍ය ජීවීද අජීවී ද යන්න හඳූනා ගැනීමට අපහසු අවස්ථා ඇති වේ. බැක්ටීරියා සෛල වියළා සරල කුඩක් බවට පත් කළ හැකි ය. පාන් සැකසීමට ගන්නා දිලීර වර්ගයක් වන යීස්ට් ද වියළි කුඩක් ලෙස වෙළෙඳපොළේ ඇත.

■ වෛරස (virus)

වෛරස ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා වන අතර නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පමණි. එහි විශාලත්වය බැක්ටීරියාවකින් 1000 න් පංගුවක් පමණ වේ. මේවා පවතින අවස්ථාව අනුව ජීවී මෙන්ම අජීවී ලක්ෂණ ද පෙන්වති. වෛරස සෛල ලෙස නොසැලකේ. ඒවා න්‍යෂ්ටික අම්ල සහ ඒ වටා සැකසුනු ප්‍රෝටීන් කොපුවකින් සෑදී ඇත. මෙම න්‍යෂ්ටික අම්ල කොටස ෘභ් හෝ ඍභ් හෝ වියහැකිය. විවිධ හැඩයෙන් සහ විශාලත්වයෙන් යුතු වෛරස හඳුනාගෙන ඇත. වෛරස තුළ කිසිදු පරිවෘත්තිය ක්‍රියාවක් සිදු නොවේ. ඒ, ඊට අදාල ඉන්ද්‍රියිකා කිසිවක් වෛරස් තුළ නොමැති බැවිනි. වෛරසයකට ක්‍රියාත්මක විය හැක්කේ සජීවී ධාරක සෛලයක් තුළ පමණ

Responses

Your email address will not be published. Required fields are marked *