Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson 19, Topic 3
In Progress

විභව අන්තරය සහ විද්‍යුත්ගාමක බලය

Lesson Progress
0% Complete

ජල ටැංකියක් පිහිටුවා ඇති උස වැඩි වන විට, නළ දිගේ ජලය ගලන වේගය වැඩි වන බව ඔබ දන්නා කරුණකි. එසේ ජලය ගලන වේගය වැඩි වන්නේ ජල ටැංකිය හා එයින් ජලය ලබාගන්නා ස්ථානය අතර පීඩන අන්තරය වැඩි බැවිනි.

විද්‍යුත් පරිපථයක ධාරාව ගැලීමේ ක්‍රියාවලිය ජල ටැංකියකින් ඉවතට ජලය ගලායාමේ ක්‍රියාවලියට සමාන කළ හැකි ය. මෙහි දී විදුලි ප්‍රභවය, ජල ටැංකියට සමාන ආකාරයකට ක්‍රියාකරයි. ටැංකියට සවි කර ඇති නළයක දෙකෙළවර අතර පීඩන අන්තරය අනුරූප වන්නේ, විදුලි ප්‍රභවය මගින් එහි ඍණ අග්‍රයේ සිට සන්නායකය හරහා ධන අග්‍රය දක්වා ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා ඇතිවන විද්‍යුත් පීඩන අන්තරයටයි.

මෙම විද්‍යුත් පීඩන අන්තරය, විභව අන්තරය(potential difference)ලෙස හැඳින්වේ. විභව අන්තරය මැනීම සඳහා භාවිත කරන ඒකකය වෝල්ටය (V) වේ. තවද ඍණ අග්‍රයෙන් බාහිර පරිපථයට ඉලෙක්ට්‍රෝන පළවා හරින බලය, විද්‍යුත්ගාමක බලය(electromotive force) ලෙස හැඳින්වේ.

කෝෂයක විද්‍යුත්ගාමක බලය සමාන වන්නේ විදුලි කෝෂයකින් විදුලිය ලබා නොගන්නා විට එහි අග්‍ර දෙක අතර පවත්නා විභව අන්තරයට යි. කෝෂයකින් විද්‍යුත් ධාරාවක් ලබා ගන්නා විට එම ධාරාව කෝෂය තුළින් ද ගලා යයි. කෝෂය තුළ ද විද්‍යුත් ප්‍රතිරෝධයක් ක්‍රියා කරයි. එවිට කෝෂය තුළ ප්‍රතිරෝධය හරහා කුඩා විභව අන්තරයක් ඇති වේ. එම විභව අන්තරය, විද්‍යුත්ගාමක බලයෙන් අඩු කළ විට කෝෂයෙන් බාහිර පරිපථයට ලබා දෙන විභව අන්තරය ලැබේ. පරිපථයක ලක්ෂ්‍ය දෙකක් අතර විභව අන්තරය වෝල්ට්වලින් මනින නිසා එය වෝල්ටීයතාව (voltage) ලෙස ද හැඳින්වේ.

වෝල්ටීයතාව මැනීමට භාවිත කරන උපකරණය වෝල්ට්මීටරය නමින් හැඳින්වේ. වෝල්ටීයතාවය මැනීමට සංඛ්‍යාංක මල්ටිමීටරය ද භාවිතා කළ හැකිය . පරිපථයක ලක්ෂ්‍ය දෙකක් අතර විභව අන්තරය මැනීම සඳහා 19.13 රූපයේ පෙන්වා ඇති ආකාරයට වෝල්ට්මීටරයේ අග්‍ර දෙක එම ලක්ෂ්‍ය දෙකට සම්බන්ධ කළ යුතු ය.

විදුලි ධාරාව ගැලීම සඳහා කෝෂයක අග්‍ර දෙක අතර විභව අන්තරයක් තිබිය යුතු බව තහවුරු කිරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

Responses

Your email address will not be published. Required fields are marked *