Grade 10 - Science
-
Chapter 1
ජීවයේ රසායනික පදනම7 Topics|1 Quiz -
Chapter 2සරල රේඛීය චලිතය7 Topics|1 Quiz
-
Chapter 3පදාර්ථයේ ව්‍යුහය7 Topics|1 Quiz
-
Chapter 4චලිතය පිළිබඳ නිව්ටන් නියම3 Topics|1 Quiz
-
Chapter 5ඝර්ෂණය4 Topics|1 Quiz
-
Chapter 6ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය5 Topics|1 Quiz
-
Chapter 7මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය4 Topics|1 Quiz
-
Chapter 8ජීවින්ගේ ලාක්ෂණික8 Topics|1 Quiz
-
Chapter 9සම්ප්‍රයුක්ත බලය4 Topics|1 Quiz
-
Chapter 10රසායනික බන්ධන5 Topics|1 Quiz
-
Chapter 11බලයක භ්‍රමණ ආචරණය2 Topics|1 Quiz
-
Chapter 12බල සමතුලිතතාව4 Topics
-
Chapter 13ජෛව ලෝකය2 Topics
-
Chapter 14ජීවයේ අඛණ්ඩතාව4 Topics
-
Chapter 15ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්5 Topics
-
Chapter 16පදාර්ථයේ වෙනස් වීම්5 Topics
-
Chapter 17ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව1 Topic
-
Chapter 18කාර්යය, ශක්තිය හා ජවය3 Topics
-
Chapter 19ධාරා විද්‍යුතය7 Topics
-
Chapter 20ප්‍රවේණිය7 Topics|1 Quiz
Quizzes
Participants 129
සියලු ම ජීවීන්ට තම ජීවක්‍රියා සිදු කිරීමට ශක්තිය අවශ්‍ය වේ. එම ශක්තිය නිපදවා ගනුයේ ඔවුන් නිපදවන ආහාර හෝ වෙනත් ආකාරයකින් ලබා ගන්නා ආහාර සෛල තුළ දී බිඳ හෙලීමෙනි. ජීව සෛල තුළ දී සංචිත ආහාර මගින් ශක්තිය නිපදවන ක්‍රියාවලිය සෛලීය ශ්වසනය ලෙස හැඳින්වේ. සජීවී බවේ වැදගත් ලක්ෂණයක් වන ශ්වසනය අපට ඍජුව ම නිරීක්ෂණය කළ නොහැකිය. සෛලීය ශ්වසනය ජෛව රසායනික ප්‍රතික්‍රියා දාමයකි.
එම නිසා පරීක්ෂණාත්මක ක්‍රම මගින් එය තහවුරු කළ යුතුවේ. නමුත් ඇතැම් සතුන්ගේ ශ්වසන චලන මගින් ද මෙය නිරීක්ෂණය කළ හැකිය. එනම් සෛලීය ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් සෛල තුළට ගෙන යාමත් එහිදී නිපදවන කාබන්ඩයොක්සයිඩ් පිටකිරීමත් සඳහා සිදුකරන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාව මගිනි. ශ්වසනය පිළිබඳ විවිධ අත්දැකීම් මගින්, සජීවී බවේ ලක්ෂණයක් ලෙස එය ප්‍රකාශ කළ ද ශ්වසන ක්‍රියාවලිය සිදුවීම සඳහා ඔක්සිජන් වායුව අවශ්‍ය බවද, එහිදී කාබන්ඩයොක්සයිඩ් වායුව පිටවන බවද, පහත දැක්වෙන ක්‍රියාකාරකම් මගින් ආදර්ශනය කළ හැකි ය.
P කෙළවරෙන් ඇතුළු වන වාතයේ අඩංගු කාබන්ඩයොක්සයිඩ් A භාජනයේ ඇති KHO වල දියවෙන නිසා B වෙත CO2 නොපැමිණේ, එබැවින් B හි අඩංගු හුනු දියරවල වර්ණය වෙනස් නොවේ. නමුත් ටික වේලාවකින් D බඳුනේ අඩංගු හුනු දියර කිරි පැහැයට හැරේ. එයට හේතුව වන්නේ C බඳුනේ සිටි මැඩියා ශ්වසනය කර කාබන්ඩයොක්සයිඩ් පිට කිරීමයි. C බඳුනේ මැඩියකු නැති ඇටවුමක් පාලක පරීක්ෂණය ලෙස යොදාගත හැකි ය. මේ අනුව සතුන් ශ්වසනයේ දී ඵලයක් ලෙස කාබන්ඩයොක්සයිඩ් නිපදවන බව තහවුරු වේ. ක් බඳුනේ මැඩියා වෙනුවට ප්‍රරෝහණය වන මුං, මෑ, වී, බඩඉරිඟු වැනි බීජ වර්ගයකින් සෑහෙන ප්‍රමාණයක් යොදාගැනීමෙන් ද මෙම පරීක්ෂණය සිදු කළ හැකි ය. ශ්වසනයේදී ඔක්සිජන් උරාගන්නා බව පෙන්වීම සඳහා පහත සඳහන් ක්‍රියාකාරකමෙහි නිරත වෙමු.
ප්ලාස්කුව තුළ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ බීජ ශ්වසනයේදී පිටකරන කාබන්ඩයොක්සයිඩ්ද පරීක්ෂා නළයේ අඩංගු KHO තුළ දියවේ. ප්ලාස්කුව තුළ අඩංගු ඔක්සිජන් බීජ මගින් අවශෝෂණය කරන අතර එම අවකාශය පිරවීමට U හැඩැති වීදුරු නළය තුළ අඩංගු වායුව ප්ලාස්කුව තුළට ගලා එයි. එවිට ජලබඳුනේ ජලය ද නළය තුළින් ඉහළට ඇදී යයි. එනම් ජීවීන්, ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය කරන බව පැහැදිලිවේ. B ඇටවුමේ එවැනි වෙනසක් දක්නට නොලැබුණේ ශ්වසනයේදී පිටවූ CO2 හා අවශෝෂණය කළ O2 පරිමා සමතුලිත වීම හේතුවෙනි.
Responses