Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ආවේණිය පිළිබඳව මෙන්ඩල්ගේ පරීක්‍ෂණ

ක්‍රි.ව. 1865 දී ආවේණිය පිළිබඳ පරික්‍ෂණ සඳහා මෙන්ඩල් විසින් තෝරා ගන්නා ලද්දේ ගෙවතු මෑ (Pisum sativum) ශාකයයි. ඔහු එම ශාකය තෝරා ගත්තේ එහි තිබූ විශේෂ ලක්‍ෂණ කිහිපයක් නිසා ය.

ගෙවතු මෑ ශාකය තෝරා ගැනීමට හේත

O පහසුවෙන් වගා කළ හැකි වීම.
O ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබා ගත හැකි වීම.
O නුමුහුම් ශාක (පරම්පරා ගණනාවක් තිස්සේ තෝරා ගත් ලක්‍ෂණ නොවෙනස්ව පවතින) ලබා ගත හැකි වීම.
O පහසුවෙන් හඳුනා ගත හැකි පරස්පර ලක්‍ෂණ යුගල තිබීම. (නිදසුන්:- කහපාට බීජ/කොළපාට බීජ, උස ශාක/ මිටි ශාක ආදිය)
O ස්වාභාවිකව ස්ව- – පරාගණය සිදු වීම හා අවශ්‍ය වූ විට පර – පරාගණය කළ හැකි වීම.
O ශාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන යා හැකි ජනිතයින් ලබා ගත හැකි වීම.

ඔහු ගෙවතු මෑ ශාකයේ පරස්පර ලක්ෂණ යුගල් හතක් පරීක්ෂා කළේ ය. ඔහු පරීක්ෂා කළේ වරකට එක් ලක්ෂණ යුගලක් බැගිනි. උස හා මිටි ලක්ෂණ යුගල සම්බන්ධයෙන් මෙන්ඩල් අනුගමනය කළ ක්‍රියා මාර්ගය මෙසේ ය.

O නුමුහුම් උස ශාක හා නුමුහුම් මිටි ශාක බෝ කර ගැනීම. මෙම ශාක දෙමව්පිය පරම්පරාව හෙවත් P ලෙස නම් කරන ලදී.
O උස ශාකවල පරාග මිටි ශාකවල කලංක මත සහ මිටි ශාකවල පරාග උස ශාකවල කලංක මත තැන්පත් කිරීම.
O මෙසේ ප-ර–පරාගණයෙන් ලබාගත් කරල්වල බීජ සිටුවීමෙන් ශාක ලබා ගැනීම. – මෙම ශාක සියල්ල උස ඒවා වූ අතර f1 පරම්පරාව ලෙස හදුන්වන ලදී.
O F1 පරම්පරාවේ ශාක අතර ස්ව-පරාගණය සිදු වීමට ඉඩහැරීම.
O එවිට ලැබුණු බීජ සිටුවීමෙන් f2 ශාක පරම්පරාව ලබාගැනීම. – මෙම පරම්පරාවේ

ඒකාංග මුහුමක ලක්ෂණ ප්‍රවේණිගත වන රටාව
ඉහත ආකාරයට මෙන්ඩල් සිය ගෙවතු මෑ ශාකයේ ලක්‍ෂණ හතක් සඳහා වෙන් වෙන් වශයෙන් කරන ලද ඒකාංග මුහුම්වල ප්‍රතිඵල පහත වගුවේ දක්වා ඇත.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *