Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ගම්‍යතාව

චලනය වන වස්තුවක ගම්‍යතාව (momentum) යනු එම වස්තුවේ චලිතය නැවැත්වීමට කෙතරම් අපහසු ද යන්න පිළිබඳ මිනුමකි.

ඔබගේ මිතුරෙක් ඔබ වෙත විසි කරන පෑනක් හෝ පැන්සලක් අල්ලා ගැනීම ඔබට ඉතා පහසු කාර්යයකි. නමුත් ඒ වෙනුවට කෙනෙක් ඔබ වෙත යගුලියක් වැනි ස්කන්ධය ඉතා වැඩි වස්තුවක් විසි කළහොත් එය අල්ලා ගැනීම එතරම් පහසු නොවේ. එම වස්තුව ම විසි නොකර ඔබ අතට ලබා දුන්නේ නම් එය අතට ගැනීම අපහසු නොවේ.

මෙසේ අල්ලා නවත්වා ගැනීම අපහසු වන්නේ වස්තුවේ ස්කන්ධය වැඩිවීම නිසා පමණක් නොව එය ගමන් කරන වේගය නිසාය. වෙඩි උණ්ඩයක් යනු ඉතා කුඩා ස්කන්ධයක් සහිත පහසුවෙන් අල්ලා ගත හැකි වස්තුවකි. නමුත් එය තුවක්කුවකින් නිකුත් වූ විට අල්ලා නවත්වා ගැනීම ගැන සිතීමටවත් නොහැකි ය. මේ අනුව අපට පෙනෙන්නේ වස්තුවක චලිතය නැවැත්වීමට ඇති අපහසුතාව ස්කන්ධය සහ ප්‍රවේගය යන සාධක දෙක ම මත බලපාන බවයි. භෞතික විද්‍යාවේ දී වස්තුවක ගම්‍යතාව අර්ථ දක්වන්නේ එම වස්තුවේ ස්කන්ධය (m) සහ ප්‍රවේගය (v) හි ගුණිතය ලෙස ය.

ප්‍රවේගය දෛශිකයක් නිසා ගම්‍යතාව ද දෛශික රාශියක් වේ.

මෝටර් රථයක් වේගයෙන් ගමන් කරන විට එහි ගම්‍යතාව වැඩි ය. එහි ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වන විට ගම්‍යතාව අඩු වේ. ප්‍රවේගය වැඩි වන විට ගම්‍යතාව වැඩි වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *