Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ඝර්ෂණ බලයේ ස්ථිතික, සීමාකාරී සහ ගතික අවස්ථා

ඝර්ෂණ බල, ඒවා ක්‍රියා කරන අවස්ථා අනුව ආකාර තුනකට බෙදිය හැකි ය. එම ආකාර තුන නම්,

  1. බලයක් යොදණු ලැබුව ද වස්තු අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බල.
  2. චලිතය යන්තමින් ආරම්භ වන අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බල (වස්තුවට කුඩා ප්‍රවේගයක් ලබා දීමට අවශ්‍ය වන අමතර බලය ද මෙයට ඇතළත් ය.)
  3. වස්තු අතර සාපේක්ෂ චලිතයක් පවතින අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බල.

    මෙම අවස්ථා තුනෙහි දී ක්‍රියාත්මක වන ඝර්ෂණ බල අතර වෙනස තේරුම් ගැනීමට පහත (video) යෙදෙමු.

චලිතය ආරම්භ වනුයේ තවදුරටත් අප යොදන බලය සංතුලනය කිරීමට තරම් ප්‍රමාණවත් ඝර්ෂණ බලයක් යෙදීමට මේසයේ පෘෂ්ඨය අපොහොසත් වන බැවිනි. එනම් ඊට වඩා වැඩි ඝර්ෂණ බලයක් හට නොගන්නා බැවිනි. ලී කුට්ටියේ චලිතයට එරෙහිව මේසයේ පෘෂ්ඨය මගින් චලිත දිශාවට විරුද්ධ අතට ඇති කරන උපරිම ඝර්ෂණ බලය සමාන වන්නේ චලිතය ඇරඹීමට වුවමනා බලයට යි.

මෙම උපරිම ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් යොදන සෑම අවස්ථාවක දී ම එම බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් හට ගන්නා නිසා ලී කුට්ටිය චලනය වන්නේ නැත. චලිතය ඇරඹීමට පෙර ක්‍රියා කරන එම ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණය ලෙස හැඳින්වේ. යොදන බලය වැඩි වන විට ඝර්ෂණය නිසා වස්තුව මත ක්‍රියාත්මක වන ස්ථිතික ඝර්ෂණ බලය ද ක්‍රමයෙන් වැඩි වේ. එහෙත් එයට අප මුලින් සඳහන් කල පරිදි එසේ වැඩි විය හැක්කේ එක්තරා උපරිම අගයක් දක්වා පමණි. යොදනු ලබන බලය එම උපරිමය ඉක්ම වූ විට වස්තුව නිශ්චලව තබා ගැනීමට ඝර්ෂණ බලයට නොහැකි වේ. ඒ නිසා වස්තුව චලනය වීම ඇරඹී කුඩා වේගයක් ද ලබා ගනී. ස්පර්ශ ව පවත්නා වස්තු දෙකක ස්පර්ශ පෘෂ්ඨ අතර ඇති වන උපරිම ඝර්ෂණ බලය, එම පෘෂ්ඨ දෙක අතර සීමාකාරී ඝර්ෂණ බලය ලෙස හැඳින්වේ.

වස්තුව චලනය වීම ඇරඹුණු විට පවත්නා ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය නමින් හැඳින්වේ. එනම් ගතික ඝර්ෂණය යනු, චලනය වන වස්තුවක චලිතයට එරෙහි ව ක්‍රියාකාරී වන ඝර්ෂණ බලය යි. ගතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සුළු වශයෙන් අඩු ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *