Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

මානව ආවේණිය (Human Heredity)

ආවේණික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම ආවේණිය (Hereity) ලෙස හඳුන්වන අතර එම ලක්ෂණ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය ප්‍රවේණිය (Inheritance) ලෙස හඳුන්වයි.ජීවීන්ගේ ලක්‍ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වන්නේ වර්ණදේහ මත පිහිටි ජාන මගින් බව ඔබ මේ වන විටත් ඉගෙනගෙන ඇත. මේ ක්‍රියාවලියේ දී වර්ණදේහ හා ජානවල හැසිරීම පිළිබඳව ජාන ප්‍රතිබද්ධයේදී හා ඌනන විභාජනයේදී සඳහන් කෙරුණි. මානව ලිංග නිර්ණයේදී වර්ණදේහවල හැසිරීම ද ආවේණිය යටතේ සාකච්ඡා කෙරේ. සෛලයක න්‍යෂ්ටියේ අඩංගු වර්ණදේහ හැඩයෙන් හා ප්‍රමාණයෙන් විවිධ වුවත් යම් ජීවී විශේෂයක ඇති වර්ණදේහ සංඛ්‍යාව නියතයකි. එම සංඛ්‍යාව එම ජීවී විශේෂයේ අනන්‍යතාවකි. 20.2 වගුවෙහි දක්වා ඇත්තේ විවිධ ජීවීන්ගේ න්‍යෂ්ටි තුළ දැකිය හැකි වර්ණදේහ සංඛ්‍යාවන් ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *