3.11 රූපයේ දැක්වෙන ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරය හොඳින් අධ්‍යයනය කරන්න. එහි බෝරෝන් (B) සිට ඇස්ටටීන් (At) දක්වා පියගැට පෙළක් මෙන් ඇඳ ඇති රේඛාව සලකන්න. මෙම රේඛාව වම් පසින් ඇති නිල්පාටින් දක්වා ඇති කොටුවල අඩංගු මූලද්‍රව්‍ය ලෝහ වේ. දකුණු පස දුඹුරු පාටින් දක්වා ඇති මූලද්‍රව්‍ය අලෝහ වේ. පියගැට පෙළ අවට ලා කොළ පාටින් දක්වා ඇති මූලද්‍රව්‍යවලට ලෝහ හා අලෝහවලට අතරමැදි ගුණ ඇති බැවින් ඒවා ලෝහාලෝහ ලෙස හැඳින්වේ.
■ ලෝහ (metals)
දැනට හඳුනාගෙන ඇති මූලද්‍රව්‍ය අතරින් සියයට අසූවක් පමණ සංඛ්‍යාවක් ලෝහ වේ. මේවා ස්වභාවයේ නිදහස් ලෝහ ලෙස මෙන් ම සංයෝග ලෙස ද පවතී. රන්, රිදී වැනි ලෝහ නිදහස් ලෝහ ලෙස ස්වභාවයේ හමු වන අතර යකඩ, ඇලුමිනියම්, මැග්නීසියම්, සෝඩියම් වැනි බොහෝ ලෝහ ඇත්තේ එම ලෝහවල සංයෝග වශයෙනි. ලෝහවල භෞතික ගුණ ලෝහවල භෞතික ගුණ කිහිපයක් පහත දැක්වේ. හ ආවේණික දිස්නයක් තිබීම (පැඒකකසජ කමිඑරු)
ලෝහවල භෞතික ගුණ
ලෝහවල භෞතික ගුණ කිහිපයක් පහත දැක්වේ.
O ආවේණික දිස්නයක් තිබීම (metallic lustre)
O ගැටීමේදී රැව් දෙන හඬක් නැංවීම.
O සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පැවතීම {ම’කරි – (රසදිය) ලෝහයක් වුවද සාමාන්‍යය උෂ්ණත්වයේ දී ද්‍රව අවස්ථාවේ පවතී}.
O තුනී තහඩු බවට තැලිය හැකිවීම (ආහන්‍යතාව – malleability) සහ කම්බියක් සේ ඇදිය හැකි වීම (තන්‍යතාව -ductility).
O හොඳ තාප හා විද්‍යුත් සන්නායක වීම.
O බොහෝ විට ඉහළ ඝනත්වයක් තිබීම.
ලෝහවල රසායනික ගුණ
O ලෝහ ඉලෙක්ට්‍රෝන පිටකිරීමෙන් ධන අයන හෙවත් කැටායන සාදයි.
O ලෝහ ඔක්සිජන් සමග සංයෝජනය වී භාස්මික ඔක්සයිඩ සාදයි.
O එම ඔක්සයිඩ ජලයේ දිය වීමෙන් භාස්මික ද්‍රාවණ සෑදේ
■ ලෝහ මූලද්‍රව්‍ය කිහිපයක්
සෝඩියම් (sodium)
සෝඩියම් ආවර්තිතා වගුවේ පළමු කාණ්ඩයට අයත් ලෝහ මූලද්‍රව්‍යයකි. එය අධික ප්‍රතික්‍රියාශීලි මූලද්‍රව්‍යයකි. කිසි විටෙකත් ලෝහය ලෙස ස්වභාවයේ නො පවතී. අධික ප්‍රතික්‍රියාකාරීත්වය නිසා සෝඩියම් ස්වභාවයේ පවතිනුයේ වෙනත් මූලද්‍රව්‍ය සමඟ සංයෝජිත තත්ව වලිනි. සෝඩියම් අඩංගු ප්‍රධාන සංයෝගයක් වන සෝඩියම් ක්ලෝරයිඩ් මුහුදු ජලයේ පවත්නා ප්‍රධාන සංයෝගයකි.
LXL