Grade 10 - Science
-
Chapter 1
ජීවයේ රසායනික පදනම7 Topics|1 Quiz -
Chapter 2සරල රේඛීය චලිතය7 Topics|1 Quiz
-
Chapter 3පදාර්ථයේ ව්‍යුහය7 Topics|1 Quiz
-
Chapter 4චලිතය පිළිබඳ නිව්ටන් නියම3 Topics|1 Quiz
-
Chapter 5ඝර්ෂණය4 Topics|1 Quiz
-
Chapter 6ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය5 Topics|1 Quiz
-
Chapter 7මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය4 Topics|1 Quiz
-
Chapter 8ජීවින්ගේ ලාක්ෂණික8 Topics|1 Quiz
-
Chapter 9සම්ප්‍රයුක්ත බලය4 Topics|1 Quiz
-
Chapter 10රසායනික බන්ධන5 Topics|1 Quiz
-
Chapter 11බලයක භ්‍රමණ ආචරණය2 Topics|1 Quiz
-
Chapter 12බල සමතුලිතතාව4 Topics
-
Chapter 13ජෛව ලෝකය2 Topics
-
Chapter 14ජීවයේ අඛණ්ඩතාව4 Topics
-
Chapter 15ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්5 Topics
-
Chapter 16පදාර්ථයේ වෙනස් වීම්5 Topics
-
Chapter 17ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව1 Topic
-
Chapter 18කාර්යය, ශක්තිය හා ජවය3 Topics
-
Chapter 19ධාරා විද්‍යුතය7 Topics
-
Chapter 20ප්‍රවේණිය7 Topics|1 Quiz
Quizzes
Participants 129
● සන්නායක
ඉලෙක්ට්‍රෝන ධාරාවකට පහසුවෙන් ගලා යාමට ඉඩ සලසන ද්‍රව්‍ය, සන්නායක (conductors) ලෙස හැඳින්වේ. සියලුම ලෝහ, විද්‍යුතය හොඳින් සන්නයනය කරයි. තඹ, ඇලුමිනියම් සහ යකඩ වැනි සෑම ලෝහයක් ම විද්‍යුත් සන්නායක වේ. ලෝහ මූල ද්‍රව්‍යවල ඇති පරමාණුවල බාහිර ම කවචයේ ඉලෙක්ට්‍රෝනවලට පහසුවෙන් ඉවත් වී යා හැකි ය. ලෝහ කැබැල්ලක, එසේ ඉවත් වී ගිය ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් 19.5 සහ 19.6 රූපවල පෙන්වා ඇති ආකාරයට පරමාණු අතර අවකාශයේ අහඹු ලෙස සැරිසරමින් පවතී. මේවා මුක්ත ඉලෙක්ට්‍රෝන හෙවත් නිදහස් ඉලෙක්ට්‍රෝන (free electrons) ලෙස හැඳින්වේ.
ලෝහ තුළින් විද්‍යුතය හොඳින් සන්නයනය වීමට හේතුව නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම යි. මෙසේ පවතින ලෝහ සන්නායකයක, දෙකෙළවර 19.7 රූපයේ පෙන්වා ඇති ආකාරයට වියළි කෝෂයකට සම්බන්ධ කළ විට සිදු වන ක්‍රියාවලිය විමසා බලමු.
කෝෂයක ඍණ අග්‍රයේ ඇත්තේ ඉලෙක්ට්‍රෝන පළවාහරින (විකර්ෂණය කරන) බලයකි. එහි ධන අග්‍රයෙහි ඇත්තේ ඉලෙක්ට්‍රෝන ඇදගන්නා (ආකර්ෂණය කරන) බලයකි. එබැවින් කෝෂයක ධන අග්‍රය හා ඍණ අග්‍රය, සන්නායකයකින් සම්බන්ධ කළ වහාම ඍණ අග්‍රයේ සිට සන්නායකය තුළින් ධන අග්‍රය දක්වා ඉලෙක්ට්‍රෝන ගලා යාම සිදු වේ. මෙසේ ගලා යා හැක්කේ සන්නායකයෙහි මුක්ත ඉලෙක්ට්‍රෝන හෙවත් නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම නිසා ය. එනම්, සන්නායකයක් තුළ අහඹු ලෙස චලනය වෙමින් පවතින මුක්ත ඉලෙක්ට්‍රෝන, එම සන්නායකයට වියළි කෝෂය සම්බන්ධ කිරීම නිසා කෝෂයේ ඍණ අග්‍රයේ සිට ධන අග්‍රය දක්වා එකම දිශාවකට ගලා යාම සිදුවේ.
මෙසේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගලා යන්නේ ඍණ අග්‍රයේ සිට ධන අග්‍රය දක්වා වේ. නමුත්, සම්මත ආකාරයට විද්‍යුත් ධාරාවේ දිශාව ලෙස සලකනුයේ ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව යි. එනම් ඍණ අග්‍රයේ සිට ධන අග්‍රය දක්වා ඉලෙක්ට්‍රෝන ගලා යන විට ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා විද්‍යුත් ධාරාවක් ගලන්නේ යැයි කියනු ලැබේ.
විද්‍යුත් ධාරාවේ විශාලත්වය මැනීම සඳහා භාවිත වන ඒකකය ඇම්පියරය A නමින් හැඳින්වෙන අතර විද්‍යුත් ධාරාවේ විශාලත්වය මැනීමට භාවිත කරන උපකරණය ඇමීටරය (ammeter) නමින් හැඳින්වේ. විද්‍යුත් ධාරාවේ විශාලත්වය මැනීමට සංඛ්‍යාංක මල්ටිමීටරය ද භාවිත කළ හැකිය.
යම් සන්නායකයක් දිගේ ගලා යන ධාරාව මැනීමට අවශ්‍ය නම් 19.11 රූපයේ පෙන්වා ඇති ආකාරයට එම ධාරාව සම්පූර්ණයෙන් ම ඇමීටරය හරහා ගලන ලෙස ඇමීටරය පරිපථයට සම්බන්ධ කළ යුතුය.
Responses