Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

සාපේක්ෂ අණුක ස්කන්ධය (Relative molecular mass)

බොහෝ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියාශීලී බැවින් ඒවායේ පරමාණු නිදහස් පරමාණු ලෙස නො පවතී. ඒවා ස්වාභාවික ව පවතින්නේ ඒවායේ පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වී සාදන අණු වශයෙනි. එකිනෙකට වෙනස් පරමාණු සංයෝජනය වීමෙන් සෑදෙන අණුවලින් සංයෝග සමන්විත වේ. මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය, C – 12 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 1/12 ක් මෙන් කී වාරයක් වේ දැ යි දක්වන සංඛ්‍යාව එම මූලද්‍රව්‍යයේ හෝ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධයයි. එනම් අණුවක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂ ව ඉදිරිපත් කළ විට එය සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හැඳින්වේ.

යම් මූලද්‍රව්‍යක හෝ සංයෝගයක අණුක සූත්‍රය දන්නේ නම් එහි සාපේක්‍ෂ අණුක ස්කන්ධය ගණනය කළ හැකි ය. මන්ද සාපේක්‍ෂ අණුක ස්කන්ධය වනුයේ එහි අඩංගු පරමාණුවල සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධයන්ගේ වීජිය ඓක්‍යය වන බැවිනි. නිදසුනක් ලෙස සැලකූ විට ජලය (H2O) අණුවක හයිඩ්්‍රජන් (H) පරමාණු දෙකක් සමග ඔක්සිජන් (O) පරමාණු එකක් බැඳී පවතී. එබැවින් ජලයේ සාපේක්‍ෂ අණුක ස්කන්ධය වනුයේ ්‍ය පරමාණු දෙකකත් ධ පරමාණු එකකත් සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධවල ඓක්‍යයයි. සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධ H – 1 හා O – 16 බැවින් ජලයේ සාපේක්‍ෂ අණුක ස්කන්ධය මෙසේ ගණනය කළ හැකි ය.

සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) වැනි අයනික සංයෝග පවතිනුයේ අණු වශයෙන් නොව අයන දැලිස් වශයෙනි. අයන දැලිසෙහි Na+ හා Cl- අතර පවතින සරලතම අනුපාතය සලකා එහි සූත්‍රය ලියනු ලැබේ. එය හඳුන්වනු ලබන්නේ ආණුභවික සූත්‍රය යනුවෙනි. අයනික සංයෝගවල අණු නොමැති බැවින් අණුක ස්කන්ධය ලෙස සලකනු ලබන්නේ සූත්‍රයට අදාළ ස්කන්ධයයි. එය සාපේක්‍ෂ සූත්‍ර ස්කන්ධය හෙවත් සූත්‍ර ස්කන්ධය ලෙස හඳුන්වනු ලැබේ.

සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධ Na – 23 ; Cl – 35.5
සෝඩියම් ක්ලෝරයිඩ්වල සූත්‍ර ස්කන්ධය = 23 + 35.5
= 58.5

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *