Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson Progress
0% Complete

සංයුජතාව
සංයුජතාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුවක සංයෝජනය වීමේ හැකියාවයි. මෙය මනිනු ලබන්නේ හයිඩ්රජන්වලට සාපේක්ෂවයි. මේ අනුව මූලද්‍රව්‍යයක සංයුජතාව යනු එම මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සංයෝජනය විය හැකි හෝ ඒ මගින් ප්‍රතිස්ථාපනය කළ හැකි හෝ හයිඩ්රජන් පරමාණු සංඛ්‍යාවයි. මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන හඳුන්වනු ලබන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන යනුවෙනි.

සමහර මූලද්‍රව්‍යවලට සංයුජතා කිහිපයක් තිබිය හැකි ය. මූලද්‍රව්‍ය පරමාණුවක ඇති සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සාමාන්‍යයෙන් මූලද්‍රව්‍යයේ උපරිම සංයුජතාවට සමාන වේ. මූලද්‍රව්‍යයක සංයුජතාවල රසායනික සංයෝජනයේ දී එම මූලද්‍රව්‍යයේ පරමාණුවකින් ඉවත් වන ඉලෙකට්‍රෝන ගණනට හෝ එම මූලද්‍රව්‍ය පරමාණුවකින් ලබාගන්නා ඉලෙක්ට්‍රෝන ගණනට හෝ මූලද්‍රව්‍ය පරමාණු අතර හවුලේ පවතින ඉලෙක්ට්‍රෝන යුගල ගණනට හෝ සමාන වේ.

මූලද්‍රව්‍ය පහසුවෙන් හැඳින්වීම සඳහා රසායනික සංකේත භාවිත කරන බව අපි දනිමු.

එමෙන් ම සංයෝග පහසුවෙන් හැඳින්වීම සඳහා ද අපි රසායනික සංකේත ඇතුළත් වන ක්‍රමයක් භාවිතා කරමු. හයිඩ්රජන් පරමාණු දෙකක් හා ඔක්සිජන් පරමාණු එකකින් සැදි ඇති සංයෝගය වන ජලය හැඳින්වීම සඳහා අප යොදා ගන්නේ H2O යන්න ය. මෙය ජලයේ රසායනික සූත්‍රය ලෙස හඳුන්වනු ලැබේ. රසායනික සූත්‍රයකදී මූල ද්‍රව්‍යයක සංකේතය ළඟට පහළින් අංකයක් ඇතොත් ඉන් දැක්වෙන්නේ සංයෝගයේ අණුවක ඇති එම මූලද්‍රව්‍යයේ පරමාණු සංඛ්‍යාව ය. එවැනි අංකයක් නොමැති නම් එම සංයෝගයේ අණුවක ඇත්තේ එම මූලද්‍රව්‍යයේ පරමාණු එකක් බව ය

සංයුජතාව ඇසුරෙන් රසායනික සූත්‍ර ලිවීම. සංයෝග සැදී ඇත්තේ මූලද්‍රව්‍යවල පරමාණු හෝ අයන බන්ධනවලින් බැඳීමෙනි. එබැවින් සංයෝගයක සූත්‍රය ලිවීමට ඒවායේ සංයෝජන බල හෙවත් සංයුජතා දත යුතු ය. එම සංයෝජන බල තුලනය වන පරිදි සූත්‍රය ලියනු ලැබේ.

හයිඩ්රජන්වල සංයුජතාව 1 වේ.
ඔක්සිජන්වල සංයුජතාව 2 කි.
මේ අනුව ඔක්සිජන් පරමාණු එකක් සමග හයිඩ්රජන් පරමාණු දෙකක් සංයෝජනය විය හැකි ය.

O මෙය H2O ලෙස ලියනු ලැබේ.
නයිට්රජන්වල සංයුජතාව 3 කි.
මේ අනුව නයිට්රජන් පරමාණු එකක් සමග හයිඩ්රජන් පරමාණු 3 ක් සංයෝජනය විය හැකි ය.

O මෙය NH3 ලෙස ලියනු ලැබේ.
කාබන් හි සංයුජතාව 4 කි. මේ අනුව ක්‍ පරමාණු එකක් සමග හයිඩ්රජන් පරමාණු 4ක් සංයෝජනය විය හැකි ය.

O මෙය CH4 ලෙස ලියනු ලැබේ.

පරමාණුක ක්‍රමාංකය 1 සිට 20 දක්වා මූලද්‍රව්‍යවලට තිබිය හැකි සංයුජතා වගුව

මේ අනුව,
සංයෝගයක රසායනික සූත්‍රය ලිවීමේ දී සිදු කරනු ලබන්නේ ඒවායේ සංයෝජන බල තුලනය වන පරිදි පරමාණු සම්බන්ධ කිරීම ය. මූලද්‍රව්‍ය දෙකෙහි සංකේතවල දකුණු පස පහළින්, මූලද්‍රව්‍යවල සංයුජතා මාරුකර ලිවීමෙන් මෙය සිදු කරනු ලැබේ.

■ බහු පරමාණුක අයන (අයන ඛණ්ඩක)
බහු පරමාණුක අයනයක් යනු ආරෝපණයක් සහිත කිසියම් රටාවකට සැකසුණු මූලද්‍රව්‍ය පරමාණු එකතුව කි.

බහු පරමාණුක අයනවලින් සමන්විත පහත දැක්වෙන සංයෝගවල සූත්‍ර සලකා බලමුග
සංයෝගයක රසායනික සූත්‍රයේ බහු පරමාණුක අයන (අයන ඛණ්ඩක) එකකට වඩා ඇතුළත් වන විට ඒවා වරහන් තුළ ලියනු ලැබේ.

Responses

Your email address will not be published. Required fields are marked *