Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson Progress
0% Complete

3.11 රූපයේ දැක්වෙන ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරය හොඳින් අධ්‍යයනය කරන්න. එහි බෝරෝන් (B) සිට ඇස්ටටීන් (At) දක්වා පියගැට පෙළක් මෙන් ඇඳ ඇති රේඛාව සලකන්න. මෙම රේඛාව වම් පසින් ඇති නිල්පාටින් දක්වා ඇති කොටුවල අඩංගු මූලද්‍රව්‍ය ලෝහ වේ. දකුණු පස දුඹුරු පාටින් දක්වා ඇති මූලද්‍රව්‍ය අලෝහ වේ. පියගැට පෙළ අවට ලා කොළ පාටින් දක්වා ඇති මූලද්‍රව්‍යවලට ලෝහ හා අලෝහවලට අතරමැදි ගුණ ඇති බැවින් ඒවා ලෝහාලෝහ ලෙස හැඳින්වේ.

■ ලෝහ (metals)
දැනට හඳුනාගෙන ඇති මූලද්‍රව්‍ය අතරින් සියයට අසූවක් පමණ සංඛ්‍යාවක් ලෝහ වේ. මේවා ස්වභාවයේ නිදහස් ලෝහ ලෙස මෙන් ම සංයෝග ලෙස ද පවතී. රන්, රිදී වැනි ලෝහ නිදහස් ලෝහ ලෙස ස්වභාවයේ හමු වන අතර යකඩ, ඇලුමිනියම්, මැග්නීසියම්, සෝඩියම් වැනි බොහෝ ලෝහ ඇත්තේ එම ලෝහවල සංයෝග වශයෙනි. ලෝහවල භෞතික ගුණ ලෝහවල භෞතික ගුණ කිහිපයක් පහත දැක්වේ. හ ආවේණික දිස්නයක් තිබීම (පැඒකකසජ කමිඑරු)

ලෝහවල භෞතික ගුණ
ලෝහවල භෞතික ගුණ කිහිපයක් පහත දැක්වේ.
O ආවේණික දිස්නයක් තිබීම (metallic lustre)
O ගැටීමේදී රැව් දෙන හඬක් නැංවීම.
O සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පැවතීම {ම’කරි – (රසදිය) ලෝහයක් වුවද සාමාන්‍යය උෂ්ණත්වයේ දී ද්‍රව අවස්ථාවේ පවතී}.
O තුනී තහඩු බවට තැලිය හැකිවීම (ආහන්‍යතාව – malleability) සහ කම්බියක් සේ ඇදිය හැකි වීම (තන්‍යතාව -ductility).
O හොඳ තාප හා විද්‍යුත් සන්නායක වීම.
O බොහෝ විට ඉහළ ඝනත්වයක් තිබීම.

ලෝහවල රසායනික ගුණ
O ලෝහ ඉලෙක්ට්‍රෝන පිටකිරීමෙන් ධන අයන හෙවත් කැටායන සාදයි.
O ලෝහ ඔක්සිජන් සමග සංයෝජනය වී භාස්මික ඔක්සයිඩ සාදයි.
O එම ඔක්සයිඩ ජලයේ දිය වීමෙන් භාස්මික ද්‍රාවණ සෑදේ

■ ලෝහ මූලද්‍රව්‍ය කිහිපයක්
සෝඩියම් (sodium)

සෝඩියම් ආවර්තිතා වගුවේ පළමු කාණ්ඩයට අයත් ලෝහ මූලද්‍රව්‍යයකි. එය අධික ප්‍රතික්‍රියාශීලි මූලද්‍රව්‍යයකි. කිසි විටෙකත් ලෝහය ලෙස ස්වභාවයේ නො පවතී. අධික ප්‍රතික්‍රියාකාරීත්වය නිසා සෝඩියම් ස්වභාවයේ පවතිනුයේ වෙනත් මූලද්‍රව්‍ය සමඟ සංයෝජිත තත්ව වලිනි. සෝඩියම් අඩංගු ප්‍රධාන සංයෝගයක් වන සෝඩියම් ක්ලෝරයිඩ් මුහුදු ජලයේ පවත්නා ප්‍රධාන සංයෝගයකි.

LXL

Responses

Your email address will not be published. Required fields are marked *